සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1489

වාතවහනය

නා. වාතය ගලායාම ; වායුව පැතිරීම.

වාතශූලය

නා. වාත කෝපයෙන් හටගන්නා රෝගයක්.

වාතසම්පීඩනය

නා. වාත තෙරපීමට භාවිත උපකරණය.

වාතස්කන්ධය

1. නා. එකට කැටි වී ගමන් කරන වායු පුංජය ; ඒකරාශි වූ වාත සමූහය ; වායු කඳ.
2. අහසේ ඇති එක් එක් ඝන ප්‍රමාණයේ වායු තට්ටුව.

වාතස්තරය

(පාරිභා.) නා. (වාත තට්ටුව) ශාකයක් තුළ වාතය සංසරණය විය හැකි පරිදි අන්තර්-සෛලීය හිදැස් ඇතිව සෑදුණු පටකය.

වාත්තීය නියෝජනය

(පාරිභා.) නා. රැකියා ක්‍ෂේත්‍රයක සේවකයින් වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා පෙනී සිටීම.

වාත්තු අච්චුව

(පාරිභා.) නා. වාත්තු කිරීම සඳහා උණු කරන ලද ලෝහ වත්කරන අච්චුව.

වාත්තු ආවුද

(පාරිභා.) නා.ප්‍ර. ලෝහ කර්මාන්තයේදී වාත්තු කිරිම සඳහා භාවිත කරන මෙවලම්.

වාත්තු කරනවා

1. ක්‍රි. කෝවෙහි දමා ලෝහ උණු කොට අච්චුවකට වත්කොට භාණ්ඩ සාදනවා ; වාත්තු භාණ්ඩ සාදනවා.
2. (කථා.) වත්තම් කරනවා.

වාත්තු පෙට්ටිය

(පාරිභා.) නා. වාත්තු වැඩ සඳහා ආකෘතියක් ගැනීමට පාවිච්චි කරන පෙට්ටිය.

වාත්තු මඩුව

(පාරිභා.) නා. වාත්තු වැඩ කරන කම්මල ; වාත්තු කර්මාන්ත ශාලාව.

වාත්තු යකඩ

නා.ප්‍ර. ලෝදිය වශයෙන් අච්චුවට වත්කොට නිවෙන්නට සැලැස්වූ ශුද්ධ නොකළ යකඩ ; චීනච්චට්ටි.

වාත්තු හැන්ද

(පාරිභා.) නා. ලෝකුරුවා ලෝහ වාත්තු වැඩට භාවිත කරන පැතලි හැන්ද.

වාත්තුකරු

(පාරිභා.) නා.ප්‍ර. වාත්තු වැඩ කරන්නා ; ලෝහ කර්මාන්තකරුවා ; ලෝකුරුවා.

වාත්තුව

1. නා. ලෝහ උණු කොට අච්චුවලට වත්කිරිමෙන් භාණ්ඩ සෑදීම.
2. වාත්තු කොට සාදන ලද භාණ්ඩය.

වාත්ප්‍රණාමය

නා. වචනින් කරන වැඳීම.

වාත්ප්‍රණිධානය

නා. බුදුවීමට නියත විවරණ ලැබීමට පෙර බුදුවෙම්වායි පවසා කරන වීර්යය ; වාක් ප්‍රණිධිය.

වාත්සල්‍යය

නා. ඇල්ම ; ආදරය ; ස්නේහය.

වාතාතපය

නා. සුළඟ හා අවුව.

වාතාධික

වි. ත්‍රිවිධ දෝෂවලින් වාතදෝෂය අධිකව ඇති.

වාතාපහරණය

නා. වාතය ඉවත් කිරීම.

වාතාබාධය

නා. වාත දෝෂය නිසා හටගන්නා රෝගය ; වාත රෝගය.

වාතායනය

නා. කවුළුව ; ජනේලය.

වාතාවකාශ

නා.ප්‍ර. වාතය හැසිරීමට ඇති අවකාශය ; වාතය සඳහා ඇති ඉඩකඩ.