සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1506
වැලිපෙත
1. නා. වැල්ල සහිත මාර්ගය ; ජලාශයක් ආශ්රිත වැලි සහිත ප්‍රදේශය.
2. අකුරු ලිවීමට වැලි අතුරා සකස් කළ වේදිකාව හෝ ලෑල්ල.
වැලිබත්
නා.ප්‍ර. බාලයන් වැලිවලින් සාදන සෙල්ලම් බත්.
වැලිබිසි
නා.ප්‍ර. වැලිගොඩ ; වැලි පොට්ටනිය.
වැලිවැටිය
නා. ගංඟාමෝය අසල හෝ මුහුදුවෙරළ අයිනේ සුළගින් ගසාගෙන අවුත් තැන්පත් වූ බුරුල් වැල්ලෙන් සෑදුණු වැටිය.
වැලිහකුරු
නා.ප්‍ර. කිතුල් පැණි ආදිය මිදෙන්ට තැබීමෙන් එහි සෑදෙන හකුරු.
වැව
නා. ජලය රඳවා ගැනීමට සාදාගත් විශාල ජලාශය ; කෘතිම ජලාශය.
වැවසර
නා.ප්‍ර. වැවක් අසල මඩබිම් ; කුඹුර.
වැවස්ථා
නා.ප්‍ර. අණපනත් ; නීති ; ව්‍යවස්ථා.
වැවස්ථා පහණ
නා. ව්‍යවස්ථා කෙටූ ගල.
වැවහරය
නා. භාවිතය ; පුරුදු සිරිත ; ව්‍යවහාරය.
වැව් ඉහත්තාව
නා. වැවක උඩුගං දිශාවෙහි පවතින බිම් කොටස.
වැව්ගම්
නා.ප්‍ර. වැවක් ආශ්රයෙන් වගා කරන කුඹුරු සහිත ගම ; වැවකින් නඩත්තු වන ගම.
වැව්බඩ
නා.ප්‍ර. වැව අසල ; වැව ආශ්රිත ප්‍රදේශය.
වැව්වාණ
නා.ප්‍ර. වැවෙන් ජලය පිට කරන සොරොවුව.
වැවිරී
1. නා.ප්‍ර. පහරදීමකින් ශරීරයේ ඉලිප්පී මතුවන ලකුණු.
2. පොල් ලෙල්ලකින් පතුරක් වශයෙන් වෙන් කොට කපා ගන්නා සිහින් දිග තීරුව.
වැවිල්ල
1. නා. වගා කිරීම ; ගොවිතැන් කිරීම.
2. වගා කළ දෙය ; භෝගය.
වැවිලි ආර්ථිකය
නා. (තේ, රබර්, පොල් ආදී ප්‍රධාන) වගා මත රැඳුණු ආර්ථිකය.
වැවිලිකාරයා
නා. වතුහිමියා ; වැවිලි කර්මාන්තයෙහි නියුක්ත පුද්ගලයා.
වැවුම්කරය
නා. ඉඩමක් වැවීමට බලය පවරා දෙන ලියවිල්ල හෝ ඔප්පුව ; වැවීමට දෙන බලපත්‍රය.
වැවෙනවා
ක්‍රි. වර්ධනය වෙනවා ; වැඩෙනවා ; ක්‍රමයෙන් විශාල වෙනවා.
වැසන
1. නා.ප්‍ර. ඇලීම ; ආශාව.
2. රෙද්ද ; වස්ත්‍රය ; ඇඳුම.
වැසනය
නා. ව්‍යසනය ; විපත ; පීඩාව ; දුක.
වැස්ලින්
නා.ප්‍ර. ඛනිජ තෙලින් සාදා ගන්නා ග්‍රීස් වැනි ආලේපක ද්‍රව්‍යයක්.
වැස්ස
නා. වර්ෂාව ; මේඝය.
වැසි
1. වි. වර්ෂාව සම්බන්ධ ; වැස්ස ඇති ; වර්ෂාව සහිත.
2. වාසය කරන ; වෙසෙන.
නා.ප්‍ර. සුවඳ කවන ලද දෙය.