සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1512
විගරහණය
නා. නින්දාව ; ගැරහීම ; හෙළාදැකීම.
විගර්හිත
වි. නින්දා සහගත ; ගර්හා කටයුතු ; අවඥා සහගත.
විගලන
වි. පිටතට ගලායන ; බැහැරට ස්රාවය වන.
විගලනය
නා. පිටතට ගලායාම.
විගලිත
වි. ගිලිහුණු ; වෑහුණු ; ගලාගිය.
විගස
1. නා.ප්‍ර. ඇසිල්ල ; ක්ෂණය ; මොහොත ; ඉක්මන.
2. ටික වේලාව.
විග්ගුස්ස
නා.ප්‍ර. මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර දුර ප්‍රමාණය.
විග්රහ
1. නා.ප්‍ර. සටන ; සංග්‍රාමය ; කෝලාහලය.
2. විපත.
3. යම් කිසිවක් විශ්ලේෂණය කොට දැක්වීම.
විග්රහාත්මක
වි. විස්තර සහිත ; සවිස්තර.
විගාන්තරාව
නා. හදිසි අනතුර.
විගාමිකයා
නා. පදිංචිය සඳහා විදේශයකට යන තැනැත්තා ; රටකින් රටකට යන්නා.
විගුණත්වය
නා. අස්වාභාවිකත්වය ; අසාමාන්‍යතාව.
විඝටන නියතය
නා. ගැටීමෙහි නියත පිළිවෙළ.
විඝටන ප්‍රමාණය
නා. වෙන් කිරීම් ප්‍රමාණය.
විඝටනය
නා. බෙදීම ; විශ්ලේෂණය වීම ; විභේදනය වීම.
විඝ්නය
නා. අන්තරාය ; විනාශය ; උවදුර ; බාධාව.
විඝාතය
නා. විනාශය ; නැසීම ; ඝාතනය.
විචක්ෂණ
වි. දක්ෂ ; නුවණැති ; විද්වත්.
විචකිල
වි. සමන් මල් මෙන් දැකුම් ඇති.
විචය
නා.ප්‍ර. සෝදිසිය ; පරීක්ෂාව ; විමසුම.
විචර
නි. පමණ ; විතර.
විචරණය
නා. හැසිරීම ; ගැවසීම.
විචලතා විශ්ලේෂණය
(පාරිභා.) නා. යමක අගය විචලනයවීම හෙවත් වෙනස්වීම පිළිබඳ නියමය ; නිගමනය.
විචලන නියතය
(පාරිභා.) නා. නිරීක්ෂිත අගය නිරන්තරයෙන් වෙනස්වීම පිළිබඳ නියමය ; නිගමනය.