සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1511
විකුණුම් ගිණුම
(පාරිභා.) නා. යම්කිසි කාලසීමාවක් ඇතුළත දී විකුණන ලද භාණ්ඩවල වටිනාකම සටහන් කර ඇති ගිණුම.
විකුණුම් ප්‍රකාශය
නා. විකුණුම්කරු හා ගැනුම්කරු යන දෙපාර්ශ්වය විසින් ම වගකීමට බැඳෙන පොරොන්දු පත්‍රය.
විකුණුම් පොත
(පාරිභා.) නා. විකුණුම් පිළිබඳ ව විස්තර සඳහන් පොත.
විකුණුම් ශාස්ත්‍රය
(පාරිභා.) නා. වෙළඳාම පිළිබඳ ශිල්පීය දැනුම.
විකුණුම්කරය
(පාරිභා.) නා. ඉඩම් ආදි දේපළක් විකිණීමේ දී ලියන ඔප්පුව ; ඒ සඳහා පිළියෙල කරන විශේෂ ගිවිසුම් පත්‍රය.
විකුණුම්කරුවා
(පාරිභා.) නා. භාණ්ඩ හෝ දේපළක් විකුණන්නා.
විකුණුම්පත
(පාරිභා.) නා. විකුණන ලද භාණ්ඩවල වටිනාකම සඳහන් පත්‍රිකාව ; බිල.
විකුම්
1. නා.ප්‍ර. වික්‍රමය ; වීරත්වය ; අධික බලය ; රණශූරත්වය.
2. ඉක්මවා යෑම ; නීතියක් කඩකිරීම.
විකුමැති
වි. වික්‍රමය හෝ වීරත්වය ඇති.
විකෘත
[වි. විකාරයට පත් කරන ලද.
විකෘත්යර්ථය
නා. වෙනස් කොට තනන ලද්ද ; වෙනස් කරන ලද අර්ථය.
විකෘති
වි. වෙනස් ; අස්වාභාවික ; විකාර ; විරූප වූ.
1. නා.ප්‍ර. වෙනස්වීම ; විකාරය ; විරූපීභාවය ; අස්වාභාවිකත්වය.
2. මුලින් නොතිබුණු අලුත් ප්‍රභේදයක් ආරම්භවීම.
3. එකම දෙය වෙනස් ස්වභාවයකින් ඉදිරිපත් කිරීම.
විකේන්ද්‍රණය
නා. එකම තැනකින් පාලනය වීම නැති කිරීම.
විකේන්ද්‍රිත
(පාරිභා.) වි. කේන්ද්‍රයෙන් බාහිරව පිහිටි ; පොදු කේන්ද්‍රයක් නැති ; මධ්‍යගත නොවූ.
විකෝපනය
නා. විනාශ කිරීම ; නැසීම ; සිඳීම.
විඛ්‍යාත
වි. ප්‍රසිද්ධ වූ ; පතළ වූ.
විඛාදනය
1. නා. දිරායෑම ; දිරාපත් වීම.
2. ලෝහමය භාණ්ඩ රසායනිකව දිරාපත් වීම.
විගඩම
නා. විහිළුව ; විකාරය.
විගණකාධිපතිවරයා
නා. රජයේ ප්‍රධාන ගිණුම් නිලධරයා.
විගණනය
නා. ගිණුම් සම්පාදනය.
විගත
වි. වෙන් ව ගිය ; පහ වූ ; ඉවත් වූ ; නැති වූ.
විගන්ධ
නා.ප්‍ර. නාසයට දැනෙන සුවඳ ; දුර්ගන්ධය.
විගපත් කරනවා
1. ක්‍රි. විකුණනවා.
2. වියදම් කරනවා.
විගමනය
1. නා. ඉවත් වීම ; දුරුවීම ; පහවීම ; විගමය.
2. එක් රටකින් තවත් රටකට යාම ; පදිංචිය පිණිස වෙන රටකට යාම.