සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1510
වික්රමවන්තයා
නා. අධික ශූරත්වය ඇති පුද්ගලයා ; වීර්යවන්ත තැනැත්තා.
වික්‍රමාන්විත
වි. ශූර වූ ; බල පරාක්‍රමයෙන් යුතු.
වික්රය
නා.ප්‍ර. භාණ්ඩ දී මුදල් ගැනීම ; විකිණීම ; වෙළඳාම ; අලෙවිය.
වික්‍රියාව
1. නා. යම් වස්තුවක් අන් ආකාරයකට පැමිණවීම ; වෙනස් කිරීම.
2. යම් බලයක ක්‍රියාකාරිත්වය නිසා වස්තුවක හැඩය වෙනස්වීම.
වික්රීත කොටස්
(පාරිභා.) නා.ප්‍ර. සමාගමක විකුණන ලද ව්‍යාපාර වස්තු ; විකුණන ලද අරමුදල්.
විකාරය
1. නා. ස්වභාවයෙන් වෙනස්වීම ; විකෘතිය ; වෙනස.
2. විරූපී ස්වභාවය ; අවයව ආදියේ විකෘතිභාවය.
3. විහිළුව ; විගඩම ; විසුළුව.
විකාර්යය
නා. යමක් වෙනස් බවට පැමිණීම ; ප්‍රකෘතිය නසාලීමෙන් අන්‍ය ගුණයකට පමුණුවාලීම.
විකාශනය
නා. ක්‍රමයෙන් පැතිරීයාම ; අනුක්රමයෙන් ව්‍යාප්තවීම ; ක්රමික වර්ධනය.
විකිණ්ණ
නා.ප්‍ර. ආකීර්ණවීම ; ගැවසීම ; ගහණවීම.
විකිරකය
(පාරිභා.) නා. වාතය තාපය කරමින් විදුලි ධාරා නිකුත් කරන විද්‍යුත් උපකරණය ; රේඩියේටරය.
විකිරණ උෂ්ණය
(පාරිභා.) නා. විද්‍යුත් කිරණ පැතිරීමෙන් ඇතිවන තාපය.
විකිරණ ධූමිකාව
(පාරිභා.) නා. පොළොව මතුපිට එයට ආසන්නව වායුගෝලයෙහි තාවකාලිකව ඇතිවන ජල වාෂ්ප පටලය ; ඝන මීදුම.
විකිරණ පාත්‍රණය
(පාරිභා.) නා. යමක් විද්‍යුත් කිරණවලට (විශේෂයෙන් එක්ස් කිරණ හා පාරජම්බුල කිරණවලට) පාත්රවීමේ ක්‍රියාවලිය ; ප්‍රවිකිරණය.
විකිරණ බලය
(පාරිභා.) නා. විද්‍යුත් බල ශක්තිය.
විකිරණ ශක්තිය
(පාරිභා.) නා. මධ්‍යස්ථානයකින් නිකුත් වන විද්‍යුත් කිරණවල වේගය.
විකිරණ-ශීල
(පාරිභා.) වි. විකිරණ ස්වභාවය ඇති.
විකිරණමානය
(පාරිභා.) නා. විද්‍යුත් බලශක්තිය යාන්ත්‍රික බලවේගයකට පරිවර්තනය වීමේ ප්‍රමාණය පෙන්නුම් කරන උපකරණය හෝ විකිරණතාප මාපකය.
විකිරණය
1. නා. (පාරිභා.) යම් යම් ද්‍රව්‍ය විද්‍යුත් චුම්බක තරංග වසයෙන් හෝ රශ්මිධාරා වසයෙන් නිකුත් කිරීමේ ශක්තිය ; කිරණ විසිරීම.
2. විසිරීයාම ; ව්‍යාප්ත වීම.
විකිරණශීල නියතය
(පාරිභා.) නා. විකිරණශීලතාව නමැති සංසිද්ධිය මගින් ඉදිරිපත් කරන ස්ථාවර නිගමනය.
විකිරණශීලතාව
(පාරිභා.) නා. රශ්මි පිට කිරීමේ විකිරණ කාර්යය.
විකිරිය කරනවා
1. ක්‍රි. විසුරුවනවා.
2. විකාර කරනවා.
විකීරණය
නා. පැතිරීම ; විසිරීම ; ව්‍යාප්ත වීම.
විකීර්ණ
1. වි. පැතුරුණු ; විසුරුණු.
2. ඉඳහිට තැනක ඇති ; තැනින් තැන ඇති ; ආක්ෂේපක.
විකීර්ණවාදය
නා. ආදි කාලීන සිරිත් විරිත්, විශ්වාස ආදිය එක තැනක පහළව අනික් දේශවල පැතුරුණේය යන මතය.