සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1509
විකට
වි. සිනහ උපදවන ; කවට ; විහිළු.
විකත්ථනය
නා. ආත්ම වර්ණනය ; තමා ගැන වර්ණනා කිරීම ; පුරසාරම.
විකනවා
ක්‍රි. දත්වලින් හපනවා ; දත්වලින් කැබලිවලට කඩනවා.
විකප
නා.ප්‍ර. ආදේශය ; අභිමත පරිදි තෝරාගත හැක්ක ; විකල්පය.
විකප කරනවා
ක්‍රි. විකුණනවා ; අලෙවි කරනවා ; වෙළෙඳාම් කරනවා.
විකපනවා
1. ක්‍රි. කල්පනාවට ගන්නවා ; නුවණින් අවබෝධ කරගන්නවා.
2. භික්ෂුවකගේ චීවර පාත්‍රාදිය අන් අයකු සතු කරනවා.
විකප්පනය
නා. (විනය.) වැඩිපුර ඇති පාත්‍ර චීවරාදිය අන් කෙනකුට පැවරීම.
විකම්පය
නා. බෙහෙවින් කම්පාවීම ; චංචලවීම ; සෙලවීම.
විකඹනවා
ක්‍රි. මැඩ පවත්වනවා ; මඩිනවා ; මර්දනය කරනවා ; යටපත් කරනවා.
විකර
වි. විහිළු ; විකාර ; හාස්‍යජනක.
1. නා.ප්‍ර. විහිළුව ; විකාරය ; හාස්‍යජනක සිද්ධිය.
2. උමතුව ; පිස්සුව.
විකරණය
1. නා. (ව්‍යාක.) ධාතු ගණ වෙන් කොට බෙදාලන ප්‍රත්‍යය.
2. (පාරිභා.) වෙනස්වීම ; විකෘතිය ; අනුවර්ධිතය.
විකල
1. වි. විකාරයට පත් ; ප්‍රකෘති තත්ත්වය නොමැති ; වෙනස්වූ ; විකෘති.
1. නා.ප්‍ර. වෙනස ; අන්‍යාකාරය.
2. සිහිය මඳවීම ; කල්පනාව හීනවීම.
3. විකෘතිය ; විරූපිබව ; විකාරය.
විකල්
වි. නුසුදුසු වේලාව පිළිබඳ වූ ; නියම කාලයෙන් පිටත වන්නා වූ ; අයෝග්‍ය වේලාවට අයත් ; අකාල.
නා.ප්‍ර. පස්වරු කාලය ; සන්ධ්‍යා සමය.
විකල්පය
නා. යමක් වෙනුවට තෝරාගත හැක්ක ; වෛකල්පිත දෙය.
විකලාව
නා. කලාවකින් හෙවත් මිනිත්තුවකින් හැටෙන් පංගුව ; තත්පරය.
විකලින්ද්රිය
නා. ප්‍රකෘති ස්වභාවය නැති වූ ඉන්ද්රිය ; විකෘති වූ ඉන්ද්රිය පහ.
විකශනය
1. නා. පැතිරීම; අනුක්රමයෙන් වැඩීම ; වර්ධනය වීම.
2. විකසිත වීම ; පුබුදුවීම.
වික්කලු
වි. ගොත ගසන්නා වූ ; දිව පැටලෙන්නා වූ ; ගොත ස්වභාවයෙන් යුතු.
වික්කලුව
නා. ගොත ගැසීම ; ගොත වූ ස්වභාවය.
වික්ඛිත්ත චිත්තය
නා. සංවර නොවූ සිත ; වික්ෂිප්ත වූ සිත.
වික්ටර්මායර් උපකරණය
නා. වාෂ්පශීල ද්‍රව්‍යවල ඝනත්වය සෙවීම සඳහා භාවිත කරන උපකරණය.
වික්ෂිප්ත
වි. ඔබ මොබ විසුරුණා වූ ; පැතිරුණා වූ ; අවුල් වූ ; එක අරමුණක නොපිහිටි.
නා.ප්‍ර. විසිරීම ; කැළඹීම ; ව්‍යාකූලත්වය.
වික්ෂේප
වි. කැළඹුණා වූ ; චංචල වූ ; ව්‍යාකූල වූ.
වික්ෂේපය
1. නා. කැළඹීම ; ව්‍යාකූලබව ; වික්ෂෝභය.
2. ශෝකය ; සිත්තැවුල.