සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1513

විචලන ප්‍රවාහය

(පාරිභා.) නා. ඝනත්වයෙන් අඩු උණුසුම් වාතයේ හෝ උණු වතුරේ මිශ්‍රව ඇති ඇල් වාතයේ හෝ ඇල් වතුරේ හටගන්නා චලන ධාරාව.

විචලනය

1. නා. විදුලි උපකරණයක් මගින් සිදු කළ හැකි උණුසුම් සූක්ෂ්මාංශුන්ගේ සංක්‍රමණය.
2. බැංකුවල මුළු මුදල් ප්‍රමාණයේ මිල මට්ටම එක් තත්ත්වයක නොපැවතී වෙනස්වීම.

විචල්‍ය

(පාරිභා.) වි. 1. (විද්‍යු.) නිශ්චිත අගය වෙනස්වනසුලු.
2. (මූල්‍ය) ආදායම හෝ වියදම වෙනස් වනසුලු.

විචල්‍ය විභ්‍රමය

(පාරිභා.) නා. සැලෙන සුළු භ්‍රාන්තිය ; වැරදි මග හෝ නොමග යෑම.

විචල්‍යතා කෝණය

(පාරිභා.) නා. නියම උතුර හා කාන්දම් උතුර අතර ඇති පරතරය.

විචල්‍යතාව

(පාරිභා.) නා. නිශ්චිත අගයේ වෙනස් වන ස්වභාවය.

විච්චූරණ

1. වි. වැඩි විස්තර වර්ණනා සහිත වූ.
2. අලංකාර.
3. උවමනාවට වඩා හැඩවැඩ ගැන්වූ ; විකට.

විච්ඡින්න

1. වි. සිඳින ලද ; විනාශ වූ.
2. ඒකාබද්ධ නොවූ ; අතරින් පතර කැඩී ගිය.

විච්ඡින්න සානුව

(පාරිභා.) නා. අනාවරණ හේතූන් නිසා කඳු බඳේ හෝ මුදුනේ මට්ටම් වූ ප්‍රදේශ ; ගිරිනිතඹ ; තලාව.

විච්ඡින්නධාරාව

(පාරිභා.) නා. එක දිගට එක් දෙසකට සමූහයක් වශයෙන් වේගයෙන් ගලා යන ජලය, වාතය, රශ්මිය, ආලෝකය, සිතුවිලි, විදුලිය ආදී වූ දෙයෙහි අන්තරය.

විච්ඡේදක කෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේදනය සඳහා උපයෝගී කරගන්නා උපකරණය ; වෝල්ටමානය.

විච්ඡේදකය

(පාරිභා.) නා. කොටස් වශයෙන් බෙදීම ; වෙන් කිරීම.

විච්ඡේදනය

(පාරිභා.) නා. 1. අම්ල, භෂ්ම සහ ලවණ වැනි විද්‍යුත් විච්ඡේද ද්‍රව්‍ය විද්‍යුත් ධාරාවකින් වියෝජනය කිරීම.
2. කොටස්වල ව්‍යුහය දැන ගැනීම පිණිස පුද්ගලයකු, සතකු හෝ ශාකයක් කැබලිවලට කපා බැලීම.

විච්ඡේදය

නා. අනුක්‍රමය සිඳීම ; සම්බන්ධය කඩ කිරීම.

විචාර ඥානය

(පාරිභා.) නා. (දර්ශන.) යමක් විචාරාත්මක ව බැලීමේ සියුම් නුවණ ; විමසුම් නැණ.

විචාර නියමය

(පාරිභා.) නා. යමක් විස්තර විවරණය කළ යුතු හා නොකළ යුතු ආකාරය නිගමනය කරන විධිය ; පිළිගත් පිළිවෙත ; විධානය.

විචාර පරම්පරාව

නා. විචාරකයන් අතර පැවතී ගෙන එන පිළිගත් විචාර සම්ප්‍රදාය.

විචාරක

වි. පරීක්ෂණයෙහි යෙදෙන ; විමර්ශනයෙහි යෙදෙන.

විචාරකයා

නා. යමක් පිළිබඳව ගුණ දොස් විවේචනය කරන්නා ; විවේචකයා.

විචාරක්ෂම

වි. විවේචනය කිරීමේ දක්ෂ ; විමසීමෙහි නිපුණ.

විචාරණ බලය

නා. විමසීමෙහි මනාපය ; අභිලාෂය ; අයිතිය.

විචාරණය

1. නා. විමසීම ; විසඳීම ; පරීක්ෂා කිරීම.
2. පාලනය ; රාජ්‍යකරණය.

විචාරනවා

ක්‍රි. විමසනවා ; විවරණය කරනවා ; විචාරයට ලක් කරනවා.

විචාරපූර්වක

වි. විචාරයට මුල් තැන දුන්.