සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1514
විචාරබුද්ධිය
නා. යමක් විමසීමට හා විවේචනයට භාජන කිරීම සඳහා අවශ්‍ය නුවණ ; විමසුම් නුවණ.
විචාරය
1. නා. යථා තත්ත්වය දැන ගැනීම ; පරීක්ෂාව ; විවේචනය ; විමසීම.
2. සිත අරමුණෙහි හැසිරවීම.
3. ප්‍රථම ධ්‍යානයට අයත් අංග පහෙන් එකක්.
4. (දර්ශන.) තතු විමසීම.
විචාරශීලී
වි. ප්රඥාගෝචර ; බුද්ධිමය වූ ; කල්පනාකාරී.
විචාරාත්මක
වි. විමසිලිමත් ; පරීක්ෂාවෙන් යුත්.
විචිකිච්ඡා
1. නා.ප්‍ර. සැකය.
2. බුද්ධාදි අටතැනක් ගැන උපදනා සැකය.
විචිකිච්ඡා සංයෝජනය
නා. සංයෝජනයක් හෙවත් සංසාර බන්ධනයක් බවට පත් සැකය.
විචිත
වි. විශේෂයෙන් රැස් කළ ; වෙන් කොට තැබූ.
විචිත්‍ර
වි. විසිතුරු ; දර්ශනීය ; සිත්ගන්නාසුලු.
නා.ප්‍ර. නා නා වර්ණ ගල්, වීදුරු හෝ මැණික් කැබලි එකට ඇල්ලීමෙන් සාදන ලද කලාත්මක චිත්‍ර ආකෘති.
විචිත්රතාව
නා. සිත්ගන්නාසුලු බව ; විසිතුරු බව.
විචිත්රාංග දර්ශය
නා. නා නා වර්ණ ද්‍රව්‍යවලින් සාදන ලද චිත්‍ර ආකෘතියක මෝස්තරය.
විචිත්රාංග මැස්ම
නා. විසිතුරු අංග සහිත අලංකාර මැස්ම ; අලංකාර යොදා කරන මැහුම් ශාස්ත්‍රය.
විචිතෝපචිත
වි. විශේෂයෙන් රැස් කළ ; එක් රැස් කරන ලද.
විචින්තනය
නා. විශේෂයෙන් පිරික්සීම ; සිතා බැලීම.
විචුම්බකනය
(පාරිභා.) නා. කාන්දම් ගතිය ඉවත් කිරීම ; චුම්බක ගුණ ඉවත් කිරීම.
විචේතන
වි. චෙතනා රහිත ; සිත් නැති ; සිහි නැති.
විචේෂ්ටාව
නා. චෙෂ්ටා හෙවත් බලාපොරොත්තු රහිත බව.
විජටනය
නා. අවුල් හැරීම ; නිරවුල් කිරීම ; පැහැදිලි කිරීම.
විජන
වි. මිනිසුන් නැති ; ජනයා රහිත.
විජන්මාණුව
නා. සංයුක්තියෙන් තොරව කෙළින් ම සුහුඹුලකු බවට වැඩෙන ප්රොටොසෝවාවෙක්.
විජම්
නා.ප්‍ර. අභිධර්මය ; අබිදම්.
විජම් පිටකය
නා. අභිධර්ම පිටකය.
විජම්නය
නා.ප්‍ර. අභිධර්ම ක්‍රමය.
විජය
1. නා.ප්‍ර. ලංකාවේ ප්‍රථම රජුගේ නාමය.
2. දිනීම ; විශිෂ්ට ජය ; පැරදවීම.
විජයග්‍රහණය
නා. ඉතා විශිෂ්ට ජයක් ලැබීම.
විජයත්පාය
නා. ශක්‍රයාගේ ප්‍රාසාදය ; වෛජයන්ත ප්‍රාසාදය.