සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 160
අයිලය
1. නා. යක්ෂ ප්රේතාදීන්ට පුදන ආහාරය.
2. නා. යක්ෂ ප්රේතාදීන්ට ආහාර තබන මැස්ස.
3. නා. යකුන් නැටීමේ දී කට්ටඩියාගේ නැටුමට සාදා ගන්නා අට්ටාලය.
අයිස්
නා.ප්‍ර. මිදුණු දිය
අයිස් සමය
(පාරිභා.) නා.ප්‍ර. පෘථිවියේ උත්තරාර්ධ ගෝලයෙන් වැඩි කොටසක් අයිස්වලින් වැසී පැවති ආදි යුගය; පොළොවේ විශාල කොටසක් අයිස් තට්ටුවකින් වැසී සාගරය ශීතල වී තිබුණු භූ යුගය (=ice age).
අයු
වි. ඉකුත් වූ; ගත වූ; පසුගිය; යටගිය; අතීත.
1. නා.ප්‍ර. ආයුධ; ශස්ත්‍ර.
2. නා.ප්‍ර. ආයුකාලය; ආයුෂය.
අයුකල්
(ව්‍යාක.) නා.ප්‍ර. අතීත කාලය.
අයුක්ත
නා.ප්‍ර. අයුක්තිය; අධර්මය; අකටයුත්ත.
අයුක්තාර්ථය
නා. නොගැළපෙන අර්ථය; නුසුදුසු අර්ථය.
අයුක්තිය
නා. නුසුදුස්ස; වරද.
අයුණ
නා. අගුණය; දොස; වරද; නුගුණය.
අයුත්ත
නා. ආසාධාරණය; වැරදි ක්‍රියාව; අකටයුත්ත.
අයුතු
වි. නුසුදුසු; නොනිසි; අයුක්ති සහගත.
අයුර
1. නා. පිළිවෙළ; ආකාරය; හැඩය.
2. නා. ගුණය; ලක්ෂණය.
අයෝගය
නා. එක් නොවීම; වෙන් වීම; අසම්බන්ධය.
අයෝග්‍ය
වි. නුසුදුසු; නොගැළපෙන.
අයෝද්වාරය
නා. යකඩ දොර; යදොර.
අයෝනි
නා.ප්‍ර. යෝනි රහිත බව; ඕපපාතික භාවය.
අයෝනිසෝ මනස්කාරය
නා. වැරදි කල්පනාව; නුනුවණින් මෙනෙහි කිරීම.
අයෝමය
වි. යකඩින් කළ; යමුවා.
අයෝමුද්ගරය
නා. යමුගුර; යකඩ පොල්ල.
අර
වි. තෙල; පෙනෙන හරියේ තිබෙන.
අරඅඳිනවා
ක්‍රි. සටනට සැරසෙනවා; පොර වදින්ට මාන බලනවා.
අරක
නා. ආරක්ෂාව; ආරක්ෂා සංවිධානය; රැකවල.
(කථා.) සර්ව. අර එක; පෙනෙන්නට තිබෙන දෙය.
අරක් ගන්නවා
1. ක්‍රි. ආරක්ෂාවට සිටිනවා; ආරක්ෂා කරනවා; රැකවල් කරනවා.
2. ක්‍රි. අධිගෘහිත වෙනවා; අයිති කර ගන්නවා.
අරක්කැමියා
නා. ආහාර පිසින්නා; කෝකියා.
අරක්ගල
(කථා.) නා. මන්ත්‍රවලින් ජපකර ධාන්‍ය ආරක්ෂාව පිණිස කමතක අරක්වලේ තබන ගල; ආරක්ෂා ගල.