සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1631
ශිල්ප ශාස්ත්‍ර
නා.ප්‍ර. කලා සහ විද්‍යා ; අතින් කරන කර්මාන්ත හා බුද්ධිය මෙහෙයවා ලබන ශාස්ත්‍ර.
ශිල්පඥයා
නා. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ මනා දැනුමක් ඇති තැනැත්තා.
ශිල්පාලය
නා. කර්මාන්ත ශාලාව ; සිප්හල.
ශිල්පික
වි. ශිල්ප උගත් ; ශිල්ප දත්.
ශිල්පියා
නා. ශිල්ප දන්නා තැනැත්තා ; ශිල්පඥයා.
ශිලා
වි. ගල් හා සම්බන්ධ ; ගලින් නිම වූ.
1. නා.ප්‍ර. ගල ; පර්වතය ; පාෂාණය.
2. මැණික් විශේෂයක්.
3. පාසානම්.
ශිලා කෝෂ්ඨය
(පාරිභා.) නා. ශරීරයේ සමතුලිතතා සංවේදය ගෙන දෙන අවයවය ; තුලා කෝෂ්ඨය.
ශිලා ඡත්රය
නා. පුරාණ චෛත්‍යයක මුදුනේ සවි කරන ගලින් තැනූ කුඩය ; ගල් කුඩය.
ශිලා පට්ටය
නා. සමතලා ගල ; ඇඹරුම් ගල.
ශිලා ප්‍රතිෂ්ඨාපනය
නා. ගොඩනැගිල්ලක මුල්ගල් තැබීම.
ශිලා පුත්‍රක
නා.ප්‍ර. ඇඹරුම් ගලේ කුඩා ගල ; අත්ගල.
ශිලා මණ්ඩලය
(පාරිභා.) නා. පෘථිවියේ පිටිතලය ; පෘථිවි පෘෂ්ඨය.
ශිලා යුගය
නා. මානව ශිෂ්ටාචාරයේ ආදිම යුගය ; මානවයා ගල් මෙවලම් භාවිත කළ යුගය.
ශිලා ලිපිය
නා. ගලෙහි කෙටූ ලියවිල්ල ; ශිලා ලේඛනය.
ශිලා ලේඛන විද්‍යාව
නා. සෙල් ලිපි හැදෑරීම පිළිබඳ ශාස්ත්‍රය.
ශිලා විද්‍යාව
(පාරිභා.) නා. ගල්වල ස්වභාවය හා නිර්මාණය පිළිබඳ විස්තර කරන විද්‍යාව.
ශිලාගෝලය
(පාරිභා.) නා. පෘථිවිය සෑදී ඇති කොටස් තුනෙන් එකක් ; පෘථිවියේ පස් හා පාෂාණ ස්තරවලින් යුත් කොටස.
ශිලාජතු
නා.ප්‍ර. අධික සූර්ය තාපයෙන් පර්වතයන්ගේ ධාතු කොටස් උණුවීමෙන් රැස්වන උපධාතු විශේෂයක් ; ගල්කීල ; රතු හුණු.
ශිලාජය
නා. ගල් සෙවල.
ශිලාභවනය
(පාරිභා.) නා.ව්යු හය ආරක්ෂා වන පරිදි අණුක ප්‍රතිෂ්ඨාපනය වීමෙන් පොසිලයක් වීම ; ගල්වීම.
ශිලාභේදය
නා. ගල්කටුව ; ගල්වඩු නියන.
ශිලාමය
වි. ගලින් සාදන ලද ; ගලින් නිම වූ ; සෙල්මුවා.
ශිලාලේඛනගල
නා. පොළොන්නරුවේ ‘ගල්පොත’ ශිලා ලිපිය කෙටූ ගල.
ශිලාසනය
නා. ගල් ආසනය ; ශෛලාසනය.