සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1632

ශිලාස්තම්භය

නා. ගලින් කළ කණුව ; ගල්කණුව.

ශිලී මුඛය

1. නා. ඊතලය.
2. යුද්ධය.

ශිලී මුඛයා

1. නා. මී මැස්සා.
2. මෝඩයා.

ශිව

නා.ප්‍ර. හින්දු ආගමික දේව ත්‍රිමූර්තියට අයත් උසස් ම දෙවියා ; ඊශ්වර ; මහාදේව

ශිව තාණ්ඩව

නා.ප්‍ර. ශිව දෙවියාගේ වේගවත් රංගනය.

ශිව රන්ධුය

නා. ළදරු හිසෙහි පාර්ශ්ව කපාල දෙක හා පශ්චිම කපාලය සන්ධි වූ තැන ඇති මොළොක් වූ ස්ථානය ; බොරු තෙල්වල.

ශිව ලිංගය

නා. ශිව දෙවියන්ගේ ගුහ්‍ය අවයවය ; ශිව දෙවියන් සංකේතවත් කරන ලිංග රූපය ; මූර්තිය.

ශිව සුත

නා.ප්‍ර. මෙහෙසුරුගේ පුත්‍රයා වන ගණ දෙවියා හෙවත් කඳ කුමරු.

ශිවංකර

වි. සෙත සලසන ; ශාන්තිදායක ; යහපත ඇති කරන.

ශිවා විරුදු

නා.ප්‍ර. ශිවගේ සතුරා වන අනංගයා.

ශිවාගම

නා. ශිව දෙවියන් මුල්කොට ගත් ආගම.

ශිවානුචර

නා.ප්‍ර. ශිව දෙවියා අනුව යන පිරිස ; ශිව දෙවිගේ අනුගාමිකයන්.

ශිශ්න දේව

නා.ප්‍ර. ලිංග පූජාව කරන්නා ; ලිංගය අදහන්නා.

ශිශ්න ප්‍රතිකර්ෂකය

(පාරිභා.) නා. ශිශ්නය පසුපසට යැවිය හැකි අවයවය.

ශිශ්න මුණ්ඩය

(පාරිභා.) නා. ශිශ්නයේ ඇට නැති ග්‍රන්ථි සහිත ඉදිරි කොටස.

ශිශ්නච්ඡදය

නා. ලිංග ගාත්‍රයේ මුල පටන් අග දක්වා බැඳී තිබෙන වෙලුම.

ශිශ්නය

නා. පුරුෂයාගේ සංසර්ගීය අවයවය ; පුරුෂ ලිංගය.

ශිශිර

වි. සිසිල් ; ශීතල.
1. නා.ප්‍ර. සිසිල ; සිහිලස.
2. ශීත කාලය ; ශීත සෘතුව.
3. සඳුන්.

ශිශිර කැස්ස

(පාරිභා.) නා. අධික ශීතලය නිසා නිතර ඇති වන කැස්ස.

ශිශිර කිලාසය

(පාරිභා.) නා. අධික ශීත නිසා හටගන්නා ගඩුව ; ශීත විසප්පුව.

ශිශිර තරණය

(පාරිභා.) නා. ශීත කාලය උදාසීන ලෙස ගත කිරීම ; (ඇතැම් සතුන්) අක්‍රිය ලෙස ශීත කාලය ගෙවීම.

ශිශිර තාරක ග්‍රන්ථිය

(පාරිභා.) නා. කන්මුල පිහිටි ඛේට ග්‍රන්ථි දෙකට ම අපර පාර්ශ්වික ලෙස පිහිටි ග්‍රන්ථියක නාමය.

ශිශිරාංශු

නා.ප්‍ර. ශීත ආලෝක ධාරා ; සිහිල් රශ්මි.

ශිශිලය

නා. ශීතල ; සිහිල ; සිසිල.