සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1633
ශිශු ජන්මාණුකතාව
(පාරිභා.) නා. න්යෂ්ටික හා සෛල ප්ලාස්මය යන දෙක ම බෙදී යළිත් සංයෝජනය සිදුවන ස්වයංජනනය.
ශිශුක විකසනය
(පාරිභා.) නා. නොමේරූ අවස්ථාව පසු කර විකසනය වීම.
ශිශුකතා ජනනය
(පාරිභා.) [නා. නොමේරූ අවස්ථාවේ දී පීදීම ; බාල අවස්ථාවේ දී ප්රජනනය ඇතිවීම.
ශිශුකය
නා. බාල අවස්ථාව ; බාල්යය.
ශිශුවා
1. නා. බාලයා ; කුඩා දරුවා ; ළදරුවා.
2. ශිෂ්යයා ; සිසුවා.
3. සිවුපාවුන්ගේ හා කෘමීන්ගේ පැටියා ; ළදරු සතා.
ශිෂ්ට
1. වි. උගත් ; ප්රාඥ.
2. ශීලාචාර සම්පන්න ; සභ්ය.
3. ඉතිරි වූ ; අවශේෂ.
ශිෂ්ට ප්රයෝග
1. නා.ප්ර. ශිෂ්ටයන්ගේ හෙවත් උගතුන්ගේ භාෂා ප්රයෝග.
2. නිවැරැදි ලෙස භාෂාව යෙදීම.
ශිෂ්ට ව්යවහාරය
නා. උගතුන් විසින් භාවිත කරනු ලබන භාෂා ව්යවහාරය ; ශිෂ්ට යැයි සම්මත යෙදුම.
ශිෂ්ට සම්මත
වි. උගතුන් හා පඬිවරයන් විසින් පිළිගත් ; වැදගත් යැයි පිළිගත්.
ශිෂ්ටයා
නා. ශීලාචාර තැනැත්තා ; යහපත් හැසිරීම ඇත්තා.
ශිෂ්ට්
නා.ප්ර. තුනී තහඩු වශයෙන් වෙන් කරගත හැකි තත්ත්වයට පත්ව ඇති පාෂාණ විශේෂයක්.
ශිෂ්ටාචාරය
1. නා. යහපත් හැසිරීම ; යහපත් ආචාරය.
2. සමාජයක පවතින ශිෂ්ට සම්පන්න බව ; සභ්යත්වය.
ශිෂ්ය ගුරුවරයා
නා. ආධුනික ගුරුවරයා.
ශිෂ්ය ප්රශිෂ්ය
නා.ප්ර.ශි ෂ්යයාගේ ශිෂ්යයා ; ගෝලයාගේ ගෝලයා.
ශිෂ්ය භටයා
නා. යුද්ධ ශිල්පය ඉගෙන ගන්නා ආධුනිකයා ; යුද්ධ නිලධාරියකු වීමට පුහුණුව ලබන්නා ; පාසල් ශිෂ්යයකු වශයෙන් සිටිය දී ම යුද්ධ ශිල්පය පිළිබඳ පුහුණුවක් ලබන්නා.
ශිෂ්ය භාවය
නා. ශිෂ්යයකු බව ; ශිෂ්යතාව ; ගෝලකම.
ශිෂ්යත්වය
1. නා. ශිෂ්යතාවය ; ගෝලකම.
2. විශේෂ සුදුසුකම් අනුව මෙරට හෝ පිටරටක නොමිලේ අධ්යාපන කටයුතු සඳහා රජයෙන් හෝ යම් ආයතනයක් මඟින් පිරිනමන ප්රදානය.
ශිෂ්යභාවෝපගමනය
නා. තෙරුවනෙහි අතවැසියකු ලෙස කල් ගෙවීමේ අදහස ඇතිව ශිෂ්යභාවයට පැමිණීමෙන් තෙරුවන් සරණ යෑම.
ශිෂ්යයා
නා. ඉගෙනීම ලබන්නා ; සිසුවා ; ගෝලයා.
ශිෂ්යලෝකය
නා. ශිෂ්ය ජනයා ; ශිෂ්ය පිරිස.
ශිෂ්යානුශිෂ්ය
වි. එක් ශිෂ්ය පරම්පරාවකට අයත් ශිෂ්යයන් හා ඔවුන්ගේ ශිෂ්ය පරපුර හා සම්බන්ධ.
නා.ප්ර. ප්රධාන ශිෂ්යයන් හා අනුශිෂ්යයන්ගේ පිළිවෙළට අයත් ශිෂ්ය සමූහය.
ශිෂ්යාව
නා. අධ්යාපනය ලබන ගැහැණු ළමයා ; සිසුවිය.
ශීකර
නා.ප්ර. සිහින් දිය බිඳු.
ශීඝ්ර
වි. ඉක්මන් ; හදිසි ; කඩිසර ; වේගවත් ; යුහු ; නොනවත්වා වේගයෙන් යන.