සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1634
ශීඝ්‍රතා
1. නා.ප්‍ර. ඉක්මන් බව ; යුහුසුලු බව.
2. (පාරිභා.) කාලය හා සම්බන්ධ අනුපාතය.
ශීත-සෞම්‍ය කලාපය
නා. පෘථිවියෙහි ඝර්ම කලාපයට උතුරිනුත්, දකුණිනුත් ශීත සහ උෂ්ණ යන දේශගුණික ලක්ෂණ අධිකත්වයෙන් තොර ව පවතින කලාපය ; සමශීතෝෂණ හෙවත් සිසිල් සෞම්‍ය කලාපය.
ශීතකරණය
නා. ආහාරපානාදිය නරක් නොවී කල්තබා ගැනීමට උපයෝගී කරගන්නා විදුලිමය උපකරණයක්.
ශීත්කාරය
නා. සිසිලක් වැනි සුවයක් විඳීමේ දී මුවින් පිට වන ශබ්දය.
ශීතාංශු
නා.ප්‍ර. සිහිල් රැස් ඇත්තා වන චන්ද්‍රයා.
ශීතාගාරය
නා. ශීත කළ කාමරය ; අයිස් කාමරය.
ශීතාද
නා.ප්‍ර. ‘සී’ විටමිනය අඩුකමින් හමේ හා වීදුරුමසේ හටගැනෙන රෝගයක්.
ශීතාද්රි
නා.ප්‍ර. හිම පර්වතය ; හිමාලය කන්ද.
ශීතාලේපය
නා. සඳුන් කපුරු ආදී ශීත අධික ඖෂධ සංයෝගයෙන් තනා ගත් විලේපනය ; ශීත අංජනය.
ශීතාවහනය
නා. සිසිල ගෙනදීම ; සිසිල ඇති කිරීම.
ශීතිභූත
වි. සිසිල් වූ ; නිවුණු ; ශාන්ත වූ.
ශීතෝෂ්ණක්ෂම
වි. ශීතලය සහ උෂ්ණය යන දෙකම ඉවසිය හැකි.
ශීර්ෂ කටාහය
නා. හිස් කබල ; ශීර්ෂ කපාලය.
ශීර්ෂ කන්නාඩිය
(පාරිභා.) නා. කන, නාසය, උගුර පරීක්ෂණය සඳහා නළලට ඉහළින් පළඳින්නා වූ ද, ආලෝක ධාරාවක් විහිදුවන්නා වූ ද කන්නාඩිය.
ශීර්ෂ කලන්දය
නා. යුද බිමෙහි දී හිස් කැපුම් ලැබූ ඇතුන්, අසුන් හා මිනිසුන්ගේ ගිණිය නොහැකි හිස් සමූහය.
ශීර්ෂ කෝණය
(පාරිභා.) නා. සෘජු රේඛා දෙකක් යම්කිසි ලක්ෂයක දී ඡේදනය වන විට එම ලක්ෂ්‍යයේ සෑදෙන ප්රතිමුඛ කෝණ දෙකින් එකක නාමය ; සිරස් කෝණය.
ශීර්ෂ ඛණ්ඩිකාව
(පාරිභා.) නා. හිසේ බෙදීම්වලින් එකක්.
ශීර්ෂ ධමනිය
(පාරිභා.) නා. හිස සම්බන්ධ ධමනිය.
ශීර්ෂ නාමය
නා. යම්කිසි විස්තරයක මාතෘකාව ; ප්‍රධාන නාමය.
ශීර්ෂ පලිහ
(පාරිභා.) නා.ප්‍ර. හිසෙහි පලිහක් වැනි කොටස.
ශීර්ෂ ප්රතිමුඛ කෝණය
නා. ඍජු රේඛා දෙකක් එකිනෙක ඡේදනයවීමේ ලක්ෂ්‍යයේ ප්‍රතිවිරුද්ධ ව පිහිටි කෝණය.
ශීර්ෂ පාඨය
නා. පුවත්පත් වාර්තාවක හෝ රචනාවක අඩංගු විස්තරය කෙටියෙන් සඳහන් කරන පාඨය.
ශීර්ෂ පාදිකයා
(පාරිභා.) නා. හිස ආශ්රිත ව විහිදෙන බහුපාද බූවල්ලා. දැල්ලා ආදී මුදු සත්වයා.
ශීර්ෂ පෝෂය
(පාරිභා.) නා. මොළයට ලේ ගෙන යන බෙල්ලෙහි තිබෙන මහා ධමනි දෙකෙන් එකක්.