සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1690

සත්ව අඟුරු

(පාරිභා.) නා.ප්‍ර. ලේ මස් ආදිය පිලිස්සීමෙන් ලබාගන්නා අඟුරු.

සත්ව ගුණය

නා. සත්ව, රජස්, තමස් යන ත්‍රිවිධ ගුණයන්ගෙන් එකක් ; වීර්යය ; ධීර ගුණය.

සත්ව ප්‍රජාව

නා. ජීවීන් සමූහය ; සත්ත්ව පරපුර.

සත්ව විද්‍යාඥයා

නා. සත්ත්ව ජීවිත පිළිබඳ හදාළ තැනැත්තා.

සත්ව විද්‍යාව

(පාරිභා.) නා. සත්ත්ව ජීවිත පිළිබඳ විද්‍යාව.

සත්ව සංහතිය

1. නා. සත්ත්ව සමූහය ; සත්ව පරම්පරාව
2. යම්කිසි ප්‍රදේශයක හෝ කාලයක හෝ හෝ වූ සතුන් උදෙසා යෙදෙන පොදු නාමය.

සත්ව සෛල

නා.ප්‍ර. සතුන්ගේ ශරීරය නිර්මිත වී තිබෙන ප්‍රාක් ප්ලාස්මයෙන් හා න්‍යෂ්ටියෙන් සමන්විත ඒකකය.

සත්වකෙඳි

(පාරිභා.) නා.ප්‍ර. සතුන්ගෙන් ගනු ලබන කෙඳි ; ලොම්.

සත්වග

නා.ප්‍ර. සත්ත්ව වර්ගයා ; සත්ත්ව සමූහයා.

සත්වගණය

නා. සත්ත්ව වර්ගය.

සත්වද්‍රව්‍යය

නා. සතුන්ගේ ඇටකටු, හම්, අං, ලොම්, මේද ආදි ද්‍රව්‍යය.

සත්වපාලනය

නා. ක්‍රමානුකූලව සතුන් ඇති කිරීම ; සිවුපා සතුන් ඇති කිරීම හා රැකබලා ගැනීම ; පශුපාලනය.

සත්වමාරණය

නා. සත්ත්වයන් මැරීම.

සත්වමේද

නා.ප්‍ර. සත්ත්ව තෙල්.

සත්වයා

නා. මනුෂ්‍ය, සිවුපා, පක්ෂි, මත්ස්‍ය ආදි සියලු ගණයට අයත් ජිවියා ; ප්‍රාණියා ; භෞතික ජීවයක් ඇත්තා.

සත්වසාර

වි. උතුම් ගති පැවතුම් ඇති.

සත්වා

නා.ප්‍ර. ගැල්වල බඩු පටවාගෙන යන වෙළඳ සමූහය.

සත්වාදය

නා. යමක් ඇති සැටියෙන් දැකීම හෝ නිරූපණය.

සත්විහර

නා.ප්‍ර. සත්ත්ව ලෝකය ; සත්ත්වයා වසන තැන.

සත්සතිය

නා. බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් ගත කළ සති හත.

සත්සර

1. නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ සත්ත්වයා ; බෝධිසත්වයන් වහන්සේ.
2. සංගීතයෙහි දැක්වෙන ස රි ග ම ප ධ නි පධ යන ස්වර හත.
3. පාර ; මහ මඟ.

සත්‍ය ක්‍රියාව

නා. තමන් කෙරෙහි සත්‍ය වශයෙන් පවත්නා ගුණ ධර්මයක් අවධාරණය කරමින් එයින් ඉෂ්ටාර්ථ සිද්ධිය අපේක්ෂා කිරීම.

සත්‍ය පාරමිතාව

නා. දස පාරමිතාවලින් එකක් වන සත්‍යය අනුව වාසය කිරීම, ජීවිත මෙහෙවර සේ ගැනීමේ ධර්මතාව.