සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1691
සත්‍යඥාන
නා.ප්‍ර. චතුරාර්ය සත්‍යය දැනගැනීම.
සත්‍යය
1. නා. සත්‍ය වචනය.
2. ලෝකය පිළිබඳ සැබෑ තත්ත්වය ; සත්‍ය තත්ත්වය ; යථාර්ථය ; චතුරාර්ය සත්‍යය.
3. සත්‍ය පාරමිතාව.
4. නිවන.
සත්‍යාවබෝධය
1. නා. බුදු දහමේ දැක්වෙන චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනගැනීම.
2. ඇති තතු පිළිබඳ පැහැදිලි අවබෝධය.
සතා
1. නා. සත්වයා.
2. තිරිසනා ; ජීවියා ; ප්‍රාණියා.
3. සර්පයා.
සතාර
වි. තාරකා සහිත වූ තරුවලින් යුත් වූ.
සතාරහ
වි. සියයකට සුදුසු ; සීයක් වටිනා.
සතැවිලි
නා.ප්‍ර. සන්තාපය ; අතිශයින් තැවීම.
සති චක්‍රය
නා. සතියේ දිනවල කළ යුතු වැඩ දක්වා සකස් කළ චක්‍රය.
සති පූජාව
නා. ස්වාමි පුරුෂයා මළ කල්හි ඒ භාර්යාව ඔහුගේ දර සෑයට පැන සිය දිවි නසා ගන්නා භාරතීය සමාජ චාරිත්‍රය.
සති වැලල්ල
නා. සත් දිනක් නොකඩවා වසින වැස්ස ; හත් දා වැස්ස.
සති විප්‍රවාසය
නා. ස්මෘති වියෝගය ; කල්පනාවෙන් තොර වීම ; සිහි මඳ බව.
සති වේපුල්ලත්වය
නා. පිරිසිදු සිහිය ඇති බව ; මනා ස්මෘතියෙන් යුත් බව.
සති සම්මෝහය
නා. සිහි මුළාව ; කල්පනාව අඩු වීම.
සතිපට්ඨානය
නා. අශුභ ග්රහණාදි වශයෙන් අනුප්‍රවිෂ්ට කාය, වේදනා, චිත්ත, ධර්ම යන ආලම්භනයන්හි පවත්නා සිහිය ; කායාදි ආරම්මණයෙහි සතිය හෙවත් සිහිය මනා ලෙස පිහිටුවා ගැන්ම.
සතිය
1. නා. දින හතේ කාල පරිච්ඡේදය ; සුමානය.
2. සිහිය ; ස්මෘතිය.
සතිර
වි. ස්ථිර.
සතිසම්පජඤ්ඤය
නා. ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව.
සතිසම්බොජ්ඣංගය
නා. බෝධ්යාඞ්ගයක් වූ ස්මෘති චෛතසිකය.
සතී
1. නා.ප්‍ර. පතිවත රකින ස්ත්‍රිය ; සැමියා කෙරෙහි භක්තිය සහිත යහපත් භාර්යාව.
2. (ඡන්ද.) විරිතක්.
සතී ධර්මය
නා. බිරිඳක විසින් එක ම සැමියකු පතා ගෙන සිටීම ; පතිව්රතාව.
සතු
වි. අයිති ; සන්තක.- නා.ප්‍ර. හතු.
සතුට
නා. ප්‍රීතිය ; සන්තෝෂය ; සන්තුෂ්ටිය.
සතුටු සාමීචි
නා.ප්‍ර. හිතවත් කතාබහ ; ප්රීතිජනක පිළිසඳර ; ප්‍රීති සල්ලාප.
සතුණ්ඩ
වි. තුඩු සහිත ; දිග දැඩි තුඩකින් කෙළවර වන.