සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1692
සතුප්පාදකරණය
නා. සිහි එළවා ගැනීම ; සිහිය හට ගැනීම.
සතුරා
නා. විරුද්ධකම් කරන්නා ; අමිත්රයා ; පස මිතුරා.
සතුස්
නා.ප්ර. ලද දෙයින් සතුටුවීම ; සන්තුෂ්ටිය.
සතේකිච්ඡ
වි. පිළියම් කළ හැකි හෙවත් ශෝධනය කළ හැකි.
සතොකාරි
නා.ප්ර. සිහියෙන් යුක්ත ව කටයුතු කරන.
සතොස
නා. සතුට ; සන්තෝෂය.
සථර
1. නා.ප්ර. ශාස්තෘන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
2. අනුශාසකයා ; ආගමික කර්තෘවරයා.
සද
1. නා.ප්ර. ශබ්දය ; වචනයක උච්චාරණය.
2. සැකය ; සංකාව.
3. කැලල ; ලකුණ.
4. ස්නේහය ; සෙනෙහස.
5. සජ්ජාව ; සැරසුම ; ඇඳුම.
සද ලකුණු
නා.ප්ර. ශබ්ද ලක්ෂණය.
සදනවා
1. ක්රි. පිළියෙල කරනවා ; සකස් කරනවා.
2. සරසනවා ; අලංකාර කරනවා.
3. සපයනවා ; සම්පාදනය කරනවා.
සදපියවි
(ව්යාක.) නා.ප්ර. ශබ්ද ප්රකෘති ; ශබ්ද මූල ; නාමපදවල ප්රකෘති එනම්, මූල රූප ප්රත්යය නොයෙදුණ නාමපදරූප.
සදම්
නා.ප්ර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ; සද්ධර්මය.
සදසතර
නා.ප්ර. ශබ්ද ශාස්ත්රය ; ව්යාකරණය.
සදසත්තාව
නා. සත්ය බව හා අසත්ය බව.
සද්ගුණය
නා. යහපත් ගුණය ; හොඳ ගතිගුණය.
සද්ධා
නා.ප්ර. ශ්රද්ධාව ; සැදැහැය.
සද්ධිවිහාරික
වි. එක තැන, එක උපාධ්යායන් වහන්සේ යටතේ වාසය කරමින් ශිෂ්ය භාවයේ සිටින.
සද්භාවය
1. නා. සත්පුරුෂ භාවය ; යහපත් බව ; අවංක බව.
2. විද්යාමාන භාවය ; ඇති බව.
සදාචාරය
නා. යහපත් පැවැත්ම ; මනා හැදියාව ; සුචරිතය.
සදාතර
(පාරිභා.) වි. නොකඩවා පවතින්නා වූ ; ස්ථාවර වූ.
සදානුස්මරණය
නා. සැමකල්හිම සිහිපත් කිරීම ; සැමදා ආදරයෙන් සිහි කිරීම.
සදාශ්රය
නා. යහපත් ඇසුර.
සදාහරිත
(පාරිභා.) වි. සැමදා කොළ පැහැයෙන් යුක්තව පවතින පත්රවලින් යුත් ; කොළ වියළීමක් සිදු නොවන.
සදිශ
(පාරිභා.) වි. දිශාවන් තිබෙන්නා වූ.