සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1689
සත්ත
වි. ඇලුණු ; සක්ත.
1. නා.ප්‍ර. හත ; සත.
2. සත්‍යය ; ඇත්ත.
3. ගිවිසීම ; ගිවිසුම.
සත්ත අපරිහානිය ධර්ම
නා.ප්‍ර. බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හා වජ්ජින් වෙනුවෙන් වෙන් වෙන් ව දේශනා කරන ලද අභිවෘද්ධිදායක හෙවත් පරිහානිය වළක්වන ධර්ම.
සත්තක
වි. සැබෑ ; සත්‍ය.
නා.ප්‍ර. ඇත්ත ; සැබෑව.
සත්තමී
1. නා.ප්‍ර. සත් වැනි දිනය.
2. (ව්‍යාක.) සත්තමී විභක්තිය ; ආධාර අර්ථය ප්‍රකාශ කරන විභක්තිය.
සත්තයා
(කථා.) නා. ගින්න ; ගින්දර.
සත්තල
නා.ප්‍ර. තල් ගස වට හතක ප්‍රමාණ වූ පැරණි මිනුමක්.
සත්තලිය
නා. තුට්ටු හයක් හෙවත් ශත නවයක් වන පුරාණ කාසියක්.
සත්තසතික
නා.ප්‍ර. පන්සීයක් රහතුන් වහන්සේලා විසින් අට මසක් පවත්වන ලද දෙවැනි ධර්ම සංගායනාව.
සත්ත්ව
සත්ත බ.
සත්ත්ව සන්තතිය
නා. සත්ව පරම්පරාව.
සත්තා
නා. ශාස්තෲන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
සත්තාව
1. නා. විද්‍යාමාන බව ; පැවතීම.
2. ඇත්ත වශයෙන් ම තිබෙන බව.
සත්ති
නා.ප්‍ර. ආයුධ විශේෂයක් ; අඩයටිය.
සත්තිස්
වි. තිස් හතක් වූ.
සත්ථ
1. නා.ප්‍ර. ගැල් ආදියෙහි බඩු පටවාගෙන වෙළෙඳාම සඳහා අන් රටවලට යන පිරිස.
2. බඩු පටවාගෙන යන ගැල් හෝ අශ්ව, ගව ආදි සත්ත්ව සමූහය.
3. ආයුධය.
සත්ථපාණි
නා.ප්‍ර. කඩු ආදි ශස්ත්‍ර අතින් ගත් තැනැත්තා.
සත්ථු
නා.ප්‍ර. ශාස්තෘවරයා ; බුදුරජාණන් වහන්සේ.
සත්පුරුෂ
වි. ගුණවත් ; යහපත් ; උතුම්.
සත්බුදු
නා.ප්‍ර. බුදුවරුන් සත් දෙනා ; සප්ත බුද්ධ ; විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා සත් දෙනා.
සත්බුමු
වි. සප්ත භූමක ; තට්ටු හතක් ඇති.
සත්භාවය
නා. විද්‍යමාන භාවය ; ඇති බව ; සද්භාවය.
සත්යල
නා.ප්‍ර. සත් වාරය ; වාර හත.
සත්රුවන්
නා.ප්‍ර. රන්, රිදී, මුතු, මැණික්, ශඞ්ඛ, ශිලා, ප්‍රවාල යන රත්න වර්ග සත.
සත්ලඟිනවා
ක්‍රි. සේසත් නංවනවා ; ඡත්‍ර ඔසවනවා.
සත්ව
1. වි. මනුෂ්‍යයා ඇතුළු සියලු ප්‍රාණීන් හා සම්බන්ධ.
2. සිවුපා ගණයට අයත්.