සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 176
අවන්
1. නා.ප්ර. වෙළඳසැල; ආපණශාලාව; සල්පිල.
2. නා.ප්ර. සුරාසල.
වි. පැමිණි; (ඇවැතට) පත්.
අවන් කෙළිය
නා. මධුපානෝත්සවය.
අවන්හල
1. නා. වෙළඳසැල; සල්පිල; ආපණ ශාලාව.
2. නා. සුරාපානය කරන තැන.
අවනි
නා.ප්ර. පොළොව; පෘථිවිය.
අවනි තලය
නා. පෘථිවිතලය; පොළොව.
අවනිපති
නා.ප්ර. රජ; භූපති.
අවනීතිය
නා. නීතියට විරුද්ධ වූව; අසාධාරණය.
අවපක්ෂය
නා. පුර පසළොස්වකට අනතුරු දිනය (අව පෑළවිය) පටන් අමාවක අවසන් කොට ඇති චන්ද්ර මාසයේ අපර පක්ෂය; කාළ පක්ෂය.
අවපස
නා. අපර පක්ෂය.
අවපසළොස්වක
නා. චන්ද්ර මාසයෙහි අව පක්ෂයේ පසළොස්වක් දිනය; අමාවක් දිනය.
අවපාඨය
නා. වැරදි පාඨය; අපපාඨය.
අවපාත කෝණය
(පාරිභා.) නා. චුම්බක මධ්යාහ්න රේඛා තලයේ ලක්ෂ්යයක් හරහා පෘථිවි බල රේඛාව වැටී ඇති දිශාවත් තිරස් රේඛාවත් අතර කෝණය (=angle of dip).
අවපාතය
1. නා. පහත බැසීම; වැටීම.
2. නා. ද්රව්යයක යටට බසින බොර; මණ්ඩිය.
3. නා. පහත වායුගෝලයෙහි හටගැනෙන අඩු වායු පීඩන මධ්යය.
අවපෑළවිය
නා.ප්ර. චන්ද්ර මාසයේ අව පක්ෂයෙහි පළමුවන දිනය.
අවපොහොය
නා. අව පසළොස්වක පොහොය; අමාවක් පොහොය.
අවබල අණ්වීක්ෂය
(පාරිභා.) නා. අඩු බලයෙන් යුතු අණු දක්නය (= low power microscope).
අවබාල
වි. තරුණ; නවයොවුන්.
අවබෝධය
නා. වැටහීම; දැනගැනීම; ප්රත්යක්ෂ ඥාන; පරිඥානය.
අවභාෂණය
නා. අවර්ණනාව; නින්දා කිරීම.
අවභාසය
1. නා. එළිය; ආලෝකය.
2. නා. අදහස් සෘජු ව නොකියා අන් අයුරකින් ප්රකාශ කිරීම.
අවම
1. වි. පහත්; නීච.
2. වි. අඩු ම; ඉතා සුළු.
අවමගුල
නා. මඞ්ගල නොවන සිද්ධිය; අශුභ කාරණය; කෙනකු මිය ගිය ශෝකජනක අවස්ථාව; මළගම.
අවමඞ්ගල මෙහෙය
නා. මෘත ශරීරයක් පිළිබඳ අවසන් කටයුතු කිරීමේ දී කෙරෙන ආගමානුකූල පූජාවිධි සමූහය.
අවමඞ්ගල්ය කෘත්යය
නා. මෘත ශරීරයක් පිළිබඳව කෙරෙන ආදාහනාදි අවසන් කටයුතු; අවමඟුල් චාරිත්ර.