සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 175

අවදාත

වි. පවිත්‍ර; ශුභ්‍රවර්ණ; සුදු.

අවදානම

1. නා. සැකය.
2. නා. අනතුර; උවදුර.

අවදි කරනවා

1. ක්‍රි. නින්දෙන් නැගිටුවනවා.
2. ක්‍රි. යමක් වෙත සිත යොමු කරනවා.

අවදියෙන් ඉන්නවා

1. ක්‍රි. නින්දෙන් තොර ව ඉන්නවා.
2. ක්‍රි. කල්පනාකාරී ව සිටිනවා.

අවදිවෙනවා

ක්‍රි. නින්දෙන් නැඟිටිනවා; පිබිදෙනවා.

අවදුක

නා. අපා දුක.

අවධ්‍ය

වි. වධ නොකටයුතු; නොනැසිය යුතු.

අවධානය

නා. ඇහුම්කන් දීම; සිත යොමු කිරීම.

අවධාරණය

නා. නිශ්චය කිරීම; කාවැද්දීම.

අවධි අවස්ථාව

1. නා. කාලය හා ප්‍රස්තාව; සුදුසු වේලාව.
2. (පාරිභා.) නා. වායුවක අවධි ලක්ෂ්‍යයේ දී එය වායුමය සහ ද්‍රවමය අවස්ථා අතර පැවතීම (=critical state).

අවධි උෂ්ණත්වය

(පාරිභා.) නා. වායුවක් යම් උෂ්ණත්වයකින් ඉහළ දී පීඩනයෙන් පමණක් ද්‍රව නොකළ හැකි ද එම උෂ්ණත්වය (=critical temperature).

අවධි කෝණය

(පාරිභා.) නා. ආලෝක කිරණයක් සම්පූර්ණයෙන් අභ්‍යන්තර පරාවර්තනයට භාජන වන අඩු ම පතන කෝණය (=critical angle).

අවධි තලය

(පාරිභා.) නා. (භූගෝ.) ශිඛර තලය හෙවත් මතුපිට (=summit plane).

අවධි පරිමාව

(පාරිභා.) නා. අවධි උෂ්ණත්ව හා පීඩන තත්ත්ව ඇති විට ද්‍රව්‍යයකින් ඒකක ස්කන්ධයක පරිමාව (=critical volume).

අවධි පීඩනය

(පාරිභා.) නා. වායුවක් එහි අවධි උෂ්ණත්වයේ දී ද්‍රව බවට පත් කළ හැකි පීඩනය (=critical pressure).

අවධි විභක්තිය

නා. (ව්‍යාක.) පහවීමේ සීමාව දැක්වෙන නාම පදය යෙදෙන එනම් විභක්තිය.

අවධිය

1. නා. කාලය; වකවානුව; යුගය.
2. නා. සීමාව; ඉම; මායිම.
3. නා. සංඥාව; සිහිය.

අවධුනනය

නා. අධෝමුඛ කොට චලනය කිරීම; යටිකුරු කොට සෙලවීම.

අවධූත

වි. සොලවන ලද; සොලවා දමන ලද.

අවනඩුව

නා. බොරු නඩුව; නීති විරෝධී ක්‍රියාව; අසාධාරණය.

අවනත

1. වි. පහතට නැමුණු.
2. වි. යටහත් වූ; කීකරු.

අවනතිය

1. නා. ගෞරවයෙන් වැඳීම.
2. නා. පහතට බැසීම; පිරිහීම.
3. (පාරිභා.) නා. ඇලවීම; පතනය.

අවනද්ධ

වි. වැසුණු; වෙළුණු; බැඳුණු.
නා.ප්‍ර. මෘදඞ්ග, ඩැක්කි වැනි සමින් වසන ලද මුඛ ඇති වාද්‍ය භාණ්ඩ විශේෂයක්.

අවනම්බුව

නා. අපකීර්තිය; අවමානය; නින්දාව; පරිභවය.