සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1783

සාකුල

වි. ආකූල වූ ; ඉඩක් නැති.
1. නා.ප්‍ර. ඉතා තද නියඟය.
2. අවු රශ්මිය වැඩි වේලාව.

සාකොප්ලාස්මය

නා. පේශි තන්තු අතර තිබෙන ප්‍රාක් ප්ලාස්මය.

සාකොමියරය

නා. පේශි පටකවලට අයත් කෙඳිති (මඩල) දෙකක් අතර ප්‍රදේශය.

සාකොලමාව

නා. (සත්ව.) පේශි තන්තුවක සංකෝචන ද්‍රව්‍යය ආවරණයකොට තිබෙන ඇදෙන සුලු කොපුව.

සාඛ

1. නා.ප්‍ර. පලා ; කොළවර්ග.
2. මුව විශේෂයක්.

සාඛා මණ්ඩපය

නා. මණ්ඩපාකාරව පැතිර ගිය අතු සමූහය ; රුක් අතු සමූහය ; රුක් අතු-පතරින් වැසුණු මණ්ඩපාකාර ප්‍රදේශය.

සාඛිණ

නා.ප්‍ර. ගස ; වෘක්ෂය.

සාගත

වි. ආහාර නැති.
නා.ප්‍ර. කෑම හිඟය ; දුර්භික්ෂය.

සාගර

වි. සාගර හා සම්බන්ධ ; මහ මුහුදට අයත්.

සාගර ලුණු

නා.ප්‍ර. සාගරයෙන් උපදනා ලුණු ; ලුණු වර්ග පහෙන් එකක්.

සාගර විද්‍යාව

නා. සාගරය පිළිබඳව විද්‍යානුකූලව කෙරෙන අධ්‍යයනය.

සාගරධාරා

නා.ප්‍ර. සාගරයක් තුළ ඇදී යන ජලකඳ ; දියවැල ; සාගරික ප්‍රවාහය.

සාගරනේමී

නා.ප්‍ර. පොළොව ; මේදිනිය ; මිහිතලය.

සාගරප්‍රවාහය

නා. මුහුදු දිය වැළ ; සාගරයෙහි ගමන් කරන සැඩ දිය පහර.

සාගරමූල්හ

වි. මුහුදෙහි අතරමං වූ ; සාගරයෙහි මුලාවට පත් වූ.

සාගරය

නා. පෘථිවියෙහි පෘෂ්ට ප්‍රමාණයෙන් වර්ග සැතැප්ම දහතුන් කෝටියක් හෙවත් 70% ක් පමණ වසා සිටින අති විශාල ලවණ ජලස්කන්ධය ; සයුර ; සමුදුර.

සාගරවලය

නා. සාගර වළල්ල ; කවයක් වැනි සාගර තීරය.

සාගරවැටි

නා.ප්‍ර. සාගර පත්ලේ දිවෙන උස් බිම් තීරු ; සාගරික කඳුවැටි.

සාගරවේදිකාව

නා. සාමාන්‍යයෙන් සම මට්ටමින් යුක්තව සාගරපත්ලේ පවතින පුළුල් උස් බිම් ; සාගරික සානු.

සාගරවේලා

නා.ප්‍ර. මුහුදු වෙරළ.

සාගරාම්බු

නා.ප්‍ර. සයුරු දිය ; මුහුදු ජලය.

සාගරායමාන

1. වි. සාගරය වැනි ; සාගරය මෙන් වූ.
2. ගැඹුරු තිරසර ගුණයෙන් යුත්.

සාගරාවසීදනය

නා. මුහුදෙහි දී (යම් වස්තුවක්) ගිලීම හෙවත් මුහුදු දියෙහි කිඳී යාම.

සාගරික

වි. මහමුහුදට අයත් ; මුහුදු පිළිබඳ.

සාගරික දූපත

නා. මහ සමුදුර පත්ලෙන් පැන නැගුණු දූපත. ප්‍රධාන ගොඩබිම් තටාකයකට සම්බන්ධ නැති දූපත.