සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1782
සාංදු
නා.ප්ර. සඳුන් ; චන්දන.
සාංවත්සරික
වි. සංවත්සරයකට හෙවත් අවුරුද්දකට වරක් සිදුවන ; අවුරුද්ද පිරෙන.
සාංසාරික
වි. සංසාරය පිළිබඳ වූ ; ජාති, ජරා, මරණ යන අඛණ්ඩ ක්රියාවලිය පිළිබඳ වූ.
සාංසිද්ධික
1. වි. යමකට අනුරූප ව උපන්.
2. ආශ්චර්යාත්මක හෝ මහා පරිමාණ වශයෙන් සිද්ධ වුණු.
සාකච්ඡාව
නා. යම් කරුණක් අරභයා පිරිසක් එකතු වී කරන අදහස් හුවමාරුව.
සාකට්ඨ
වි. සියලු ශාඛාවලින් යුත් ; සියලු ශාඛාවන්ගේ ආශ්රය කොට ඇති.
සාකටිකයා
නා. සකටයක් හෙවත් කරත්තයක් පදවන්නා ; ගැල්කරු.
සාකන්ධ භාගය
නා. ක්ෂීරපායියාගේ පිටියුටරි දේහය සමන්විත වී ඇති කොටස් සතරින් එකක්.
සාකල්ප
වි. සාමාන්ය ; විශේෂ නොවූ.
සාකල්ය
1. වි. සකල ; සම්පූර්ණ; සියලු.
2. සාමාන්ය ; විශේෂ නොවූ.
සාක්කි
1. නා.ප්ර. යම්කිසි කරුණක් පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන කරුණ හෝ දෙය.
2. නඩුවකට අදාළ යමක් ඇසූ දුටු බවට උසාවියකට හෝ (වෙනත් පරීක්ෂණ ස්ථානයකට) වාචිකව හෝ ලිඛිතව කරන ප්රකාශය
සාක්කි දෙනවා
ක්රි. දන්නා වූ යමක් ගැන (හෝ දන්නා බවට) උසාවියකදී (හෝ වෙන යම් විභාගයකදී) කරුණු කියනවා ; සාක්ෂ්ය ඉදිරිපත් කරනවා.
සාක්කුව
1. නා. සුළු භාණ්ඩ බහාගෙන යෑම සඳහා ඇඳුමකට මහන පසුම්බිය වැනි කොටස.
2. වී, හාල් ආදිය දමන ගෝනිය, මල්ල හෝ රෙදි උරය.
3. හෘදයේ කර්ණිකාවට පහළින් ඇති ඝණ පේශිවලින් සෑදුණු කුටීරය.
සාක්ෂර
වි. අකුරු සහිත ; අකුරු ඇති.
සාක්ෂරතාව
නා. අක්ෂර එකිනෙක පැැහදිලි ව වටහා ගැන්මේ, කියවීමේ හා ලිවීමේ දක්ෂතාව.
සාක්ෂ්යකාරයා
නා. සාක්කි දෙන තැනැත්තා.
සාක්ෂාත්
වි. තම ඇස් ඉදිරිපිට පෙනෙන ; අවබෝධ කළ ; ප්රත්යක්ෂ.
සාක්ෂි දරනවා
ක්රි. යමක් විධිමත්ව කර ඇති බවට සහතික කරනවා ; එසේ සහතිකය ලියා අත්සන් කරනවා.
සාක්ෂි නීතිය
නා. සාක්ෂි ගැනීම, දීම, සටහන් කිරීම, අගය කිරීම ආදි කරුණු පිළිබඳ නීතිය.
සාක්ෂිය
නා. යමක් තහවුරු කරන සාධකය ; නඩුවකට අදාළ යමක් ඇසූ දුටූ බවට උසාවියට කරන ප්රකාශය.
සාක්යසිංහ
නා.ප්ර. ශාක්යයන්ට සිංහයකු (අධිපතියකු) වූ තැනැත්තා වන බුදුරජාණන් වහන්සේ.
සාකාංක්ෂාව
නා. (තර්ක.) එක් පදයකින් ඇති කළ බලාපොරොත්තුව මුදුන්පත් කිරීම සඳහා යොදන අන්ය වූ පදය.
සාකාලුහුනු
නා.ප්ර. පලාවර්ග සහ ලුනු.
සාකුණිකයා
නා. පක්ෂීන් මරා මසට විකුණන්නා ; ලිහිණි වැද්දා.