සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1781

ස්වේදකර්මය

1. නා. ඩහදිය නැංවීමට ඉවහල් වන උපක්‍රමය.
2. ඩහදිය නැංවීම.

ස්වේදකූප

නා.ප්‍ර. ඩහදිය මතුපිටට පැමිණීම සඳහා හමෙහි තිබෙන සිදුර ; ස්වේද පිටවන ජිද්‍රය.

ස්වේදනය

නා. ඩහදිය දැමීම.

ස්වෛරි

වි. කවරකු කෙරෙහි වත් බැඳීමක් නැති ; නිදහස් ; නිවහල් ; ස්වාධීන.

ස්වෛරි වාදය

නා. සමාජයේ කිසි ම ආකාරයක නීතියක් හෝ හෝ ආණ්ඩුවක් හෝ නොතිබිය යුතු යැයි ඇදහීම.

ස්වෝත්සාහය

නා. තමාගේ ම උත්සාහය ; ස්වකීය ශ්‍රමය යෙදීම.

ස්‍යන්ද

වි. ගලන ; වැගිරෙන ; වෑස්සෙන.

ස්‍යන්දනය

නා. ගලා යාම ; වැගිරීම ; වෑස්සීම.

ස්‍යුනිකාව

(පාරිභා.) නා. කුඩා මඩිස්සලයක් වැනි ශාරීරික අවයවයක් ; ඩිම්බකෝෂය.

ස්‍යෝනය

(පාරිභා.) නා. මල්ලක් වැනි ශාරීරික අවයවයක් ; මඩිය.

ස්‍රාවය

1. නා. ගැලීම ; ගලා යාම ; වෑස්සීම.
2. (පාරිභා.) ශරීරයේ ග්‍රන්ථි මගින් නිකුත් වන ද්‍රව විශේෂය.

ස්‍රාවිත

(පාරිභා.) වි. පෙරූ ; අපද්‍රව්‍ය ඉවත් කළ ; ලෝහ ලවණාදිය හා වායුව ඉවත් කළ.

ස්‍රාවිය

නා. ඉස්ම ගැලීම ; ද්‍රව වෑස්සීම.

ස්‍රැති විද්‍යාව

(පාරිභා.) නා. ද්‍රව්‍ය ගලා යාම හැදෑරීම පිළිබඳ විද්‍යාව ; දුස්ස්‍රාවීතාව හා සුචිකාර්යතාව පිළිබඳ හැදෑරීම.

ස්‍රැවාකාර පත්‍ර

(පාරිභා.) නා. වෘක්‍ෂයන්හි තනි මැද නාරටිය දික් වූ පත්‍රයේ අර්ධයකට වඩා විහිද ඇති පත්‍ර.

ස්‍රෝතස

1. නා. වේගයෙන් ගලා බස්නා දිය පහර ; සැඩ පහර.
2. ශරීරය තුළ ද්‍රව හෝ වාතය ගලා යන නාලය.

ස්‍රෝතාපන්නය

නා. සෝවාන් මඟට පැමිණි තැනැත්තා ; සෝවාන් වූ පුද්ගලයා.

සා

1. නා.ප්‍ර. ගසක බෙදීගිය ශාඛාව ; අත්ත.
2. ගස ; රුක.
3. හාවා.
4. සවස ; සන්ධ්‍යාව.
5. හිඟ ; දුර්ලභ.
6. බඩගින්න ; ක්ෂුධාව.
7. හය ; සය.
8. නැකතක නාමය ; සා නැකත.
1. නි. පමණ ; ප්‍රමාණ ; තරම්.
2. සමාන ; සදෘශ ; බඳු ; වැනි.
වි. බඩගිනි ඇති ; කුසගිනි සහිත.

සා කරනවා

1. ක්‍රි. දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කරනවා ; යා කරනවා.
2. සම කරනවා ; සමාන කරනවා.

සා මඬුල්ල

නා. වෘක්ෂයක ශාඛා මණ්ඩලය ; අතුපතර.

සාංකාව

1. නා. බලවත් සිත් තැවුල ; කණගාටුව.
2. සැකය ; කුකුස ; විචිකිච්ඡාව.

සාංකුශ

වි. කොක්කක් සහිත.

සාංඝික

වි. භික්ෂු සංඝයාට අයත් ; සංඝගත ; සඟසතු.

සාංදාවක

(පාරිභා.) වි.දි යවී ගලා යන.