සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1800

සැලි

1. නා.ප්‍ර. ගල් කැබැල්ල ; ගල් පතුර.
2. දිය ඇල්ල ; ඇල්ල.
3. කට ලොකූ භාජනය ; හැලිය.

සැලිනොමීටරය

නා. වතුරේ ඝනත්වය මැනීමට උපයෝගී කරගන්නා හයිඩ්‍රො මීටරයක නාමය.

සැලියුලෝස්

නා.ප්‍ර. මස් ආදි ඇතැම් ආහාරවල තිබෙන දිරවීමට අපහසු සිවිය.

සැලිසිලික් අම්ලය

නා. ඖෂධීය අම්ල වර්ගයක්.

සැලිසිලිකුම්

නා.ප්‍ර. ජ්වර නසන ඖෂධයක් ; සැලිසිලික් අඩංගු ඖෂධ ගණය.

සැලිසිලේට්

නා.ප්‍ර. ඖෂධීය ලවණයක්.

සැලෙන නඩාව

නා. රෙදි වියන යන්ත්‍ර විශේෂයක් ; නූල් තද කොට නඩාව ක්‍රියා කරවා රෙදි වියන යන්ත්‍රය.

සැලෙනවා

1. ක්‍රි. සෙලවෙනවා ; චංචල වෙනවා ; කම්පා වෙනවා ; සසල වෙනවා.
2. සැරසෙනවා ; ලැහැස්ති වෙනවා.
3. හැලෙනවා ; වැටෙනවා.

සැව

පූර්ව.ක්‍රි. චුතව ; ඉවත් වී ; එක් ආත්ම භාවයකින් මිදී.
වි. සර්ව ; සියලු.

සැව ඇටය

නා. මිනී ඇටය ; මළ මිනියක ඇටය.

සැවනා

නා.ප්‍ර. අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ ඝර්ම කලාපික තැනිතලා ; තණබිම්.

සැවනියර

නා. සර්ව ප්‍රකාරය ; සියලු ආකාරය.

සැවය

1. නා. සර්ප, කකුළු, මකුණු ආදි ඇතැම් ජීවීන් වරින් වර ශරීරයෙන් ඉවත් කරන සිවිය.
2. මිනිය ; ශවය ; මළ හැක සිරුර ; මෘත දේහය.

සැව්ව

1. නා. දුන්න ; චාපය.
2. සිවිය ; පොත්ත.

සැවැන්

නා.ප්‍ර. පොදි ; කැරලි.

සැවි

නා.ප්‍ර. අසන තැනැත්තිය ; ශ්‍රාවිකාව.

සැවු

1. නා.ප්‍ර. දුන්න ; චාපය.
2. ශාපය ; ශාප කිරීම.
3. සිවි ; පොතු.
4. චුතිය ; මිදීම.

සැවුරු

නා.ප්‍ර. හික්මීම ; සංවරය.

සැවුසිත

නා. එක් ආත්ම භාවයකින් චුතවන අවස්ථාවේ පහළ වන සිත.

සැසඳිලි

1. නා.ප්‍ර. මන්ත්‍රණ සාකච්ඡා.
2. ගිවිසීම් ; ප්‍රතිඥා ; පොරොන්දු.

සැසඳුම්

1. නා.ප්‍ර. අහස ගොරවන හඬ ; මේඝ ගර්ජනා හඬ.
2. කම්පාව.

සැසඳෙනවා

ක්‍රි. එකට එකක් ගැළපෙනවා ; සමාන වෙනවා.

සැසි

1. නා.ප්‍ර. වඩුවා ; ලී වැඩ කරන්නා.
2. සමාන බව ; සමානත්වය.
3. රැස්වීම් වාර ; උසාවි, පාර්ලිමේන්තු ආදි ආයතනවලද සම්මේලන, විවාද ආදි කාර්යවල රැස්වීම් වාර.

සැසිනා

නා.ප්‍ර. ශාක්‍යසිංහ නායකයා ; බුදුන් වහන්සේ.