සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1802

සිංකලාව

නා. හැකිල්ල ; විලංගුව ; සඞ්ඛලිකය ; මාංචුව.

සිංකෙළි

නා.ප්‍ර. දික් දඬුවකින් කොට දඬුවකට, ගසමින් ඒවා උඩ දමමින් කරන ලී කෙළි ක්‍රීඩා විශේෂයක්.

සිංගක්කාරයා

නා. බෙර වයන තැනැත්තා.

සිංගාටක

නා.ප්‍ර. ඇස, කණ, නාසය, දිව යන හතර.

සිංගාරම්

නා.ප්‍ර. බෙර විශේෂයක් ; දවුල.

සිංගාරිය පේශිය

නා. මුහුණේ පිහිටි මාංශපේශි විශේෂයක් ; උඩ හනු ඇටයේ පහළ දාරය හා යට හනු ඇටයේ දත් කුහරවලට පහළින් පටන්ගෙන මුඛය දක්වා ගොස් මුඛ මණ්ඩලීය පේශියේ තන්තු සමඟ සම්බන්ධ වන හතරැස් පේශියක්.

සිංගි

1. නා.ප්‍ර. මැණික් විශේෂයක්.
2. මූදු ඉස්සන් විශේෂයක්.

සිංගිත්ත

නා. ඇබිත්ත ; ඉතා ස්වල්පය ; ඉතා ටික.

සිංඝාටකය

නා. මාර්ග දෙකක් හෝ වැඩි ගණනක් එකතු වන තැන ; මංසන්ධිය ; හතරමං හන්දිය.

සිංඝාණිකා

නා.ප්‍ර. සොටු.

සිංචනය

1. නා. දියරයක් ඉසීම.
2. සත්ව පාලන කටයුතුවල දී ශුක්‍ර ඇතුළු කිරීම.

සිංදූරම් පාට

නා.ප්‍ර. මඩ මෙන් රත් පැහැය.

සිංශපා

1. නා.ප්‍ර. ඇට්ටේරියා.
2. එන්සාල්.
3. කරදමුංගු.

සිංහ

1. වි. අභීත ; නිර්භය.
2. උතුම් ; ශ්‍රේෂ්ඨ.

සිංහගති

1. නා.ප්‍ර. සිංහයාගේ ගමන ; සිංහ ගමන.
2. නිර්භීත ගුණ.
3. යම් සූත්‍රයක පදයක් ඊට මුලින් තිබෙන සූත්‍රය හා සම්බන්ධ වීමේ (සිංහාවලෝකන) අනුවර්තන ක්‍රමය.

සිංහනාදය

1. නා. සිංහයාගේ හඬ ; සිංහ ගර්ජනාව.
2. අභීත නාදය ; ශ්‍රේෂ්ඨ නාදය.
3. පංචතාල ප්‍රභේදයන්ගෙන් එකක්.

සිංහපංජරය

නා. සිංහ රූප යොදා කළ කවුළුව ; සීමැදුරු කවුළුව.

සිංහයා

නා. සිවුපා සතකුගේ නාමය ; මෘග රාජයා ; මිගිඳු.

සිංහල

1. නා.ප්‍ර. ආර්ය වර්ගයට අයත් ව ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතර ජන උ කොට්ඨාසය.
2. සිංහලයන්ගේ භාෂාව.
වි. සිංහල වර්ගයාට නොහොත් සිංහල භාෂාවට අයත් ; ඒ ආශ්‍රිත ; ඒ හා සම්බන්ධ.

සිංහල වෛද්‍ය ශාස්ත්‍රය

නා. දේශීය වෙදකම පිළිබඳ ශාස්ත්‍රය ; ආයුර්වේදය හා සම්බන්ධ ලක්ෂණ දරන දේශීය වෛද්‍ය ක්‍රමය.

සිංහල හාල්

නා.ප්‍ර. ලංකාවේ වී ගොවිතැනෙන් නිෂ්පාදිත හාල් ; දේශීය හාල් ; දුඹුරු පැහැති නිවුඩු සහිත හාල්.

සිංහලානය

නා. සිංහයා මැරීම ; සිංහයා වැනසීම.

සිංහලීක

වි. සිංහල වූ ; සිංහල ජාතියට අයත්.

සිංහවික්‍රාන්තය

නා. සිංහ රාජයකුගේ වික්‍රමාන්විතභාවය දැක්වෙන ඉරියවුව.