සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1803

සිංහශයනය

1. නා. සිංහයාගේ නිදාගැනීම ; සිංහයකු නින්දේ දී දක්වන ඉරියවුව.
2. සිංහයකු නිදන ආකාරයෙන් නිදා ගැනීම ; සිංහ සෙය්‍යාව ; තථාගතයන් වහන්සේ ශයනය කළ ඉරියව්ව.

සිංහස්නේහ

නා.ප්‍ර. සිංහ තෙල් ; සිංහ ශරීරයේ පවතින මේදය.

සිංහස්වරය

නා. සිංහයකුගේ වැනි හඬ ; සීහනාදය.

සිංහාවලෝකනය

1. නා. සිංහයාගේ බැල්ම.
2. සිංහයාගේ බඳු බැල්ම ; පරීක්ෂාකාරී බැල්ම.

සිංහාසනය

නා. සිංහ රූප සහිත ආසනය ; ශ්‍රේෂ්ඨ ආඝනය රාජාසනය ; සිහසුන.

සිංහාසනාරූඪ

වි. සිංහාසනයට නැඟුණු ; රජ පදවියට පත් ; රාජපදප්‍රාප්ත.

සික පද

නා.ප්‍ර. ශික්ෂා පදය ; විනය ප්‍රඥප්තිය.

සිකකැමි

වි. ශික්ෂාකාමී ; හික්මීමට කැමැති.

සිකතා

1. නා.ප්‍ර. වැලි, බොරලු ආදිය.
2. ප්‍රමේහ රෝගයක්.

සිකනලා

නා. දිලිසෙන සිරුරක් ඇති කුඩා උරගයෙක් ; හිකනලා.

සිකමනා

නා.ප්‍ර. ශිෂ්‍ය මානවකයා ; ශික්ෂාපද ඉගෙන ගන්නා.

සිකල්

නා.ප්‍ර. මඩ බොර ; මඩ.

සික්

නා.ප්‍ර. වයඹ දිග ඉන්දියාව නිජබිම සේ ගත්තා වූ, පුරාණ නොවන ආගම් භක්තියක් මත ගොඩනැගුණු විශේෂ සංස්කෘතික ලක්ෂණ දක්වන්නා වූ ජන කොටසක්.

සික්කාව

1. නා. තරාදියේ ලණුව.
2. කත් ලීයේ ලණුව.

සික්ඛිත

වි. හික්මුණු ; ශික්ෂිත.

සික්ත

1. වි.ඉසින ලද.
2. ගෑවුණු.

නා.ප්‍ර. මී ඉටි.

සික්රිටීන්

නා.ප්‍ර. පෘෂ්ඨවංශීන්ගේ බඩවැලේ ඇතැම් සෛලවල සෑදෙන හෝමෝන විශේෂයක් ; සෙක්රෙටීන්.

සික්ස් උෂ්ණත්වමානය

නා. යම් කාලසීමාවක දී ඇති වන උපරිම උෂ්ණත්වයත් අවම උෂ්ණත්වයත් සලකුණු කර ගැනීම සඳහා භාවිත කරන උපකරණය.

සිකි

1. නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා ; හිතවතා ; වල්ලභයා.
2. යහළු ස්ත්‍රිය ; යෙහෙළිය.
3. ශිඛාව ; මුදුන ; මස්තකය.
4. මයුරයා ; මොනරා.
5. ගින්න ; අග්නිය.
වි. වේළුණු ; වියළුණු.

සිකිගල

නා. මොනරාගේ ග්‍රීවය.

සිකිණ්ඩියා

1. නා. චණ්ඩියා ; චණ්ඩිකම් කරන්නා.
2. වේගයෙන් වැඩ කරන්නට හැකි තැනැත්තා ; කඩිසර පුද්ගලයා.

සිකිදල

නා.ප්‍ර. ගිනි සිළුව.

සිකිරි

නා.ප්‍ර. විසිවෙන දිය බිඳු.