සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1807
සිත්කලු
වි. මනහර ; සිතට කල්ය වූ ; සිත පිනවන.
සිත්තම
නා. චිත්‍රය ; රේඛා වර්ණ ආදිය මාධ්‍ය වශයෙන් ගෙන යම් මතුපිටක අඳින ලද්ද.
සිත්තම් පෝරුව
නා. චිත්‍ර ඇඳීම සඳහා උපයෝගී කරගනු ලබන ලෑල්ල.
සිත්තරා
නා. චිත්‍රකාරයා ; චිත්‍ර ශිල්පියා.
සිත්නාම පද
නා.ප්‍ර. ප්‍රහේලිකාව ; ගැටලුව.
සිත්පිත්
1. නා.ප්‍ර. සිත ; හදවත.
2. කාරුණික හදවත.
සිත්මුවා
වි. සිතින් නිපන් ; චිත්තයෙන් හටගත් ; චින්තන වලින් සෑදුණු ; කල්පිත.
සිත්වට
නා.ප්‍ර. චිත්ත වෘත්තිය ; සිතේ අදහස.
සිතාභ
නා.ප්‍ර. කපුරු.
සිතාමතා
ක්‍රි.වි. හොඳ හැටි කල්පනා කර ; හොඳින් හිතා බලා ; සවිඥානක ව.
සිතාම්බර
1. නා. භෞතික වශයෙන් දක්නට නැති සළුව ; ඇසට නොපෙනෙන හා අතින් ස්පර්ශ කිරීමට නොහැකි වස්ත්‍රය.
2. නොපවතිතත් පවතිතැයි සිතා ගන්නා දෙය.
සිතාරය
නා. තත් ආශ්රිත ව ස්වර නැංවිය හැකි භාරතීය වාද්‍ය භාණ්ඩයක්.
සිතාසිය
නා. අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සඳහා උසාවියක් මගින් නිකුත් කරන නිවේදනය.
සිතැඟිය
නා. සිතෙහි අදහස ; අභිප්‍රාය.
සිතිකදණ්ඩ දීපය
නා. ඉටියෙන් කරන ලද දඬුවැට පහන.
සිතියම
1. නා. සිතුවම ; චිත්‍රය.
2. ලොකු කුඩා කවර හෝ ප්‍රදේශයක භූගෝලීය ආදී විස්තර සටහන් කර ඇති නිරූපණය ; චිත්‍රය.
සිතියම් චුල්ලිකාව
(පාරිභා.) නා. සිතියමක ලක්ෂ්‍ය හඳුනා ගැනීම පිණිස තිබෙන දිගට හා හරහට ඉරි ඇඳි සිදුරු සහිත වැස්ම.
සිතියම් පට
නා.ප්‍ර. සිතුවම් කළ රෙද්ද ; චිත්‍ර ඇඳි වස්ත්‍රය.
සිතියම් ප්රක්ෂේපණය
නා. ගෝලාකාර, එනම් ත්‍රිමාන, පෘථිවිය පෙතැලි ද්විමාන මතුපිටක හැකිතාක් නිවැරදිව නිරූපනය කිරීම සඳහා යොදා ගැනෙන උපක්‍රමය.
සිතියම් විද්‍යාව
නා. සිතියම් හා සටහන් ඇඳීමේ ශාස්ත්‍රය.
සිතිවිල්ල
නා. අදහස ; කල්පනාව.
සිතු
1. නා.ප්‍ර. සිත.
2. සුනු සහල්.
3. පළොල් ගස.
සිතු මතය
නා. තනි කැමැත්ත.
සිතු රඟ
ක්‍රි.වි. සිත් වූ පරිදි ; සිතේ හැටියට.