සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1813

සියබස්

නා.ප්‍ර. ස්වකීය භාෂාව ; තමන්ගේ බස ; මව්බස.

සියය

නා. අනූනවයට එකක් වැඩි ගණන ; දහයේ ඒවා දහගුණයක ප්‍රමාණය ; ශත සංඛ්‍යාව ; සීය.

සියරට

නා.ප්‍ර. තමන්ගේ රට ; ස්වකීය දේශය.

සියරු

නා.ප්‍ර. සමර්ථයා ; දක්ෂයා.
වි. සතර ; සිවු.

සියල

වි. සකල ; හැම ; සැම ; සර්ව ; මුළු.

සියල්ල

නා. හැමදෙය ; සියලු දේ ; සමස්තය ; මුළුල්ල.

සියහ

වි. නිතර ; හැමවිට ; නිරතුරු ව.

සියා

නා.ප්‍ර. දරසෑය ; චිතකය.

සියාය

නා. උල ; සංකුව ; මිනී දැවීමේදී භාවිත කරන උපකරණය.

සියු

1. වි. හතරකින් යුත් ; සිවු ; චතුර්විධ.
2. චුත වන.

සියුඅරක්

නා.ප්‍ර. සතර ආකාර ආරක්ෂාව ; බුද්ධානුස්මෘති, ධර්මානුස්මෘති, සංඝානුස්මෘති, අනිත්‍යය යන ආරක්ෂා සතර.

සියුකන්

නා.ප්‍ර. කොන් සතර ; සිවුකොන්.

සියුක්

නා.ප්‍ර. චතුෂ්කය.

සියුකු

1. නා.ප්‍ර. සතරවැන්න ; චතුෂ්කය.
2. සතර මං සන්ධිය ; සියු මඟක් ඇති සන්ධිය.

සියුත

වි. චතුර්ථ ; සිවු.

සියුපසය

නා. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේට සැපයෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන සතර ; සිව්පසය.

සියුපාවා

නා. පාද සතරක් ඇති සතා ; සිව්පාවා.

සියුපිරිස්

නා.ප්‍ර. සිව් පිරිස ; භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් කොටස.

සියුපූ

වි. පාද සතරක් ඇති චතුප්පාද ; සිවුපා.

සියුබුමු

නා.ප්‍ර. අපායභූමි, කාම සුගතිභූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි යන සතර.
වි. තට්ටු හතරකින් යුතු ; මහල් හතරක් ඇති.

සියුමලු

වි. තද හෝ රළු නැති ; ඉතා මොළොක් ; මෘදු ; සුකුමාර ; සුකුමාල.

සියුම්

1. වි. ඉතා කුඩා ; ඇසට නොපෙනෙන තරම් කුඩා වූ.
2. සූක්ෂ්ම; තියුණු ; කාරණය වහා වැටහෙන ; තීක්ෂණ.
3. වහා කැපෙන සුළු ; මුවහත්.
4. ඉතා සිනිඳු ; සිහින් ; සුඛුම.

සියුම් වගාව

නා. ඉඩමකින් උ උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ වැවිලි ක්‍රමය ; වපසරිය වැඩි නොකොට පලදාව වැඩිකර ගැනීම.

සියුමියුරු

නා.ප්‍ර. චතුමධුර ; සප්පි, නවනීත, මධු, සක්ඛරා යන මිහිරි වර්ග හතර.