සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1880

හකු ධාතුව

නා. බුදුරදුන්ගේ වන්දනීය වූ හකු ඇටය ; අකු ධාතුව.

හකු පාඩාව

නා. හනු අස්ථිය ; වම් හකු ඇටය හා දකුණු හකු ඇටය.

හකුඇටය

නා. හක්ක නිර්මාණය වී ඇති අස්ථිය ; හනු ඇටය.

හකුජ්ජ

නා. නොපැහුණු රා ; මීරා.

හකුදත්

නා.බහු. හක්කෙහි කෙළවරෙහි පිහිටි දත් ; ඇඹරුම් දත් ; චාර්වක දන්ත.

හකුරු බද්ද

නා. පැරණි සිංහල රජුන් කල රජ වාසලට පැණි හකුරු සැපයූ සේවාව හා එහි නියුක්ත වූ පිරිස.

හකුල

1. නා. අවුල ; බාධාව.
2. පඳුර ; අකුල.

හකුව

නා. මුව දෙ පස කනට යටින් පිහිටි, උඩු-යටි වශයෙන් දත් පේළි සවි ව පවතින අර්ධ එලිප්සීය අස්ථි කොටස ; හනු ඇටය.

හකුස්ස

නා. හෙණ්ඩුව ; අංකුශය.

හකුළනවා

1. ක්‍රි. වකුටු කරනවා ; අකුළනවා.
2. කෙටි කරනවා ; සංක්ෂිප්ත කරනවා.

හඟ

1. නා. අඟ ; සිඟුව.
2. සංඝයා.

හඟල

1. වි. පැසුණු ; මේරූ.
2. ළා ; නොපැසුණු.

හඟවනවා

1. ක්‍රි. තේරුම් ගන්නට සලස්වනවා ; ඉඟි කිරීමෙන් පෙන්වනවා ; අවබෝධ කරවනවා.
2. වසන් කරනවා ; සඟවනවා ; යටගසනවා.

හඟිනවා

ක්‍රි. වැටහෙනවා ; තේරුම් යනවා ; සිතනවා ; සිතට නඟනවා.

හඟුළ

නා. ඔරු විශේෂයක් ; අගුළ.

හජ්ජි

නා.ප්‍ර. වාර්ෂිකව පැවැත්වෙන මුස්ලිම් ආගමික උත්සවය.

හටගන්නවා

ක්‍රි. ඇති වෙනවා ; උපදිනවා ; ජනිත වෙනවා.

හටන

1. නා. ආරාවුල ; දබරය ; යුද්ධය ; සටන.
2. (හටනේ) කථාව ; ප්‍රවෘත්තිය.

හටන් කවි

නා.ප්‍ර. දහසය වැනි සියවසේ දී ආරම්භ වුණු රාජ ප්‍රශස්ති පද්‍ය සාහිත්‍ය සම්ප්‍රදාය.

හටල්ල

නා. අටල්ල ; උස් කොට තැනූ මුර ගෙය.

හටවනවා

ක්‍රි. සාදනවා ; පිහිටුවනවා ; අටවනවා.

හටහන

නා. සලකුණ ; සටහන.

හට්ටිය

නා. ලොකු හැළිය ; වළඳ ; අප්පල්ලය.

හඨ යෝග

නා.ප්‍ර. ඉන්දියානු වජ්‍රයානිකයන්ගේ යෝග ක්‍රමයක්.