සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1881
හඨය
නා. දරුණුකම ; බලහත්කාරය ; කොල්ලකෑම.
හඩු ගඳ
(කථා.) නා. අපිරිසිදු ශරීරයෙන් හෝ කිලිටි රෙදිවලින් හමන දුගඳ ; කිළිටි ගඳ.
හණ
1. නා.ප්‍ර. ශාකයක නාමය ; මලු පැදුරු ආදිය සකස් කරගැනීමට මේ කෙඳි භාවිත කෙරේ.
2. ආයුධ මුවහත් තැබීම සඳහා ගනු ලබන කෘත්‍රිම ගල් විශේෂයක්.
හණ ගානවා
ක්‍රි. මෝටර් රථ ආදියේ සිලින්ඩර් සීරීම ; ඉරිතැලීම්, විඛාදන, ගෙවීයාම් ආදිය විශේෂ ගල් වර්ගයකින් සමහන් කරනවා.
හණමිටිකාරයා
1. නා. හණ මිටි ගෙනයන්නා.
2. අලුත් අදහස් හා මත නො පිළිගෙන පැරණි මතවල ම එල්බ සිටින්නා.
හඬ
1. නා.ප්‍ර. ශබ්දය ; නාදය ; ධ්වනිය ; රාවය.
2. (කථා.) ආරංචිය ; තොරතුරු.
හඬ ගසනවා
1. ක්‍රි. හඬනඟා කියනවා ; කෑගසනවා.
2. කැඳවනවා ; අමතනවා.
හඬ තළනවා
ක්‍රි. හයියෙන් කෑගසනවා ; මොර දෙනවා ; විලාප තියනවා.
හඬ දූතයා
නා. මෑත කාලයේ නාඩගම්වල එන චරිතයක් ; රජයේ නිවේදන මහජනයාට දැන ගැනීම සඳහා හඬ ගා කියන්නා.
හඬ නංවනය
නා. සාගරයේ ගැඹුර සෙවීමේ උපකරණයක්.
හඬකරය
නා. ධ්වනි තරංග විහිදීම අවහිර කොට නිශ්චිත දිශාවක් එල්ලේ අධික දුර ප්‍රමාණයකට ධ්වනිය ගෙන යාමට සලස්වන උපකරණය.
හඬනවා
ක්‍රි. නාසයෙන් හඬ නඟනවා ; වැලපෙනවා ; අඬනවා.
හත
1. නා. හයට එකක් වැඩි සංඛ්‍යාව.
2. නැකැත් චක්‍රයෙහි දහතුන් වැනි නැකත.
3. වාසි අත් හතක් ගත් පසු ජය ලැබෙන කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලම.
4. බාහුවේ මැණික් කටුවෙන් පහත කොටස.
5. ඇතාගේ සොඬය.
6. රියන.
7. ඉර හෝ හඳ බැසයාම.
8. ආයුධය ; ශස්ත්‍රය.
වි. නැසූ ; විනාශ වූ.
හතයෝග
නා. හින්දු භක්තිකයන් අතර භාවිතවන යෝග ක්‍රමයක්.
හතර අපාය
නා. පවු කළ අය උත්පත්තිය ලබන දුගති හතර ; සතර අපාය.
හතර ගාතය
නා. අත් දෙක හා කකුල් දෙක යන ගාත්රා සතර.
හතර වරිගය
නා. මව්, පිය, නැඳි, මයිල් යන හතර දෙනාගේ පාර්ශ්ව.
හතර හන්දි
නා.ප්‍ර. දණ හිස් දෙක සහ වැලමිටි දෙක යන සන්ධි සතර.
හතරදිග
නා. උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන දිශා හතර.
හතරමංහන්දිය
නා. මාර්ග හතරක් එකිනෙක හමුවන ස්ථානය ; සිවුමංසළ.
හතරවරං ගහනවා
(කථා.) ක්‍රි. තමාට අයිති නැති ලාභ ප්‍රයෝජන අයුතු මාර්ගවලින් ලබාගන්නවා.
හතරවරම් දෙවියෝ
1. නා.බහු. සක්වළ සතර දිශාවලට අධිපති ව සිටිතියි විශ්වාස කැරෙන ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දිව්‍ය රාජයෝ සතර දෙනා.
2. ශ්‍රී ලංකා ද්වීපයට අධිපති ව සිටිතියි විශ්වාස කැරෙන විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දිව්‍ය රාජයෝ සතර දෙනා.
හතරැස
නා.සෘජු රේඛා හතරකින් වට කරන ලද්දක හැඩය ; චතුරස්‍ර හැඩය.
හතරැස් අඟල
නා. දිගින් අඟලක් ද පළලින් අඟලක් ද වන ක්ෂේත්‍ර ඵලය ; වර්ග අඟල.