සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1882

හතරැස් කොටුව

නා. චෛත්‍යයක ගර්භය මත තනන ලද චතුරස්‍රයක ආකාර වූ කොටස ; සිවුරැස් කොටුව.

හතරැස් බොරුව

(කථා.) නා. අමූලික බොරුව ; පට්ටපල් බොරුව ; ගජබින්නය.

හතරැස් මුරිච්චිය

(පාරිභා.) නා. හතරැස් ආකාර වූ මුරිච්චිය හෝ ඉස්කුරුප්පු ඇණවල අගට යොදන කොටස.

හතරැස් වතුරගල

(පාරිභා.) නා. ආයුධ මුවහත් කිරීමට ගන්නා කරගල් විශේෂයක් ; ඇමරිගල.

හතරැස් වරහන

නා. අර්ධ සමචතුරශ්‍ර හැඩයගත් වරහන් ලකුණ.

හතරැස් සට්ටම

(පාරිභා.) නා. කම්මලක බංකුවක් මත හතරැස් උලකින් සවි කරන ලද කුඩා කිණිහිර.

හතරැස් හැතැප්ම

නා. එක් පැත්තක් හැතැප්මක දිග ඇති පැති 4කින් වට වූ ඉඩ ප්‍රමාණය ; වර්ග හැතැප්ම.

හතළිස් ඇඳිරිය

නා. වයස අවුරුදු හතළිහ පසු වූ කල ඇතිවීමට ඉඩ තිබෙන නේත්‍ර දුර්වලතාව හෙවත් ඇස් පෙනීමේ අඩුකම ; වෘද්ධ දෘෂ්ටිකතාව.

හත් පළයා

නා. ශරීරය පිට-පිට ම (හත් වාරයක්) විදිතැයි විශ්වාස කරනු ලබන කූඹි විශේෂයක්.

හත් සුණු

නා. බැද කුඩු කරගත් සහල් හෝ යව ; අත්සුණු.

හත්තිළවුව

නා. අනිෂ්ට අශුභ සිද්ධිය ; දුක්ඛදායක අවස්ථාව.

හත්ථත්තර

නා.ප්‍ර. ඇතකු පිට අතුරන ඇතිරිය ; ඇතකු පිට අතුරන වස්ත්‍රය.

හත්ථපාසය

නා. අත දිගු කොට ඇල්ලිය හැකි දුර ; අත්පස.

හත්ථිපාකාර

නා.ප්‍ර. ඇත් රූවලින් අලංකෘත වූ පවුර ; හස්ති ප්‍රාකාරය ; ඇත් පවුර.

හත්දින්න

නා. තාරකා හතකින් යුක්ත වූ තරු කැටිය ; නඟුල් තරුව.

හත්පට්ටම

(පාරිභා.) නා. පැති හතකින් යුක්ත වූ සරල රේඛීය තල රූපය.

හත්මාළුව

නා. එළවළු හතකින් යුක්ත ව්‍යඤ්ජනය.

හත්මුතු පරම්පරාව

නා. හත්වැනි මුත්තාගේ පටන් අවිච්ඡින්න ව පැවත එන පරම්පරාව.

හත්ල

නා. අත්ල.

හත්වට

නා.ප්‍ර. අග්ගල හෙවත් අග්ගලා යන රසකැවිලි විශේෂය.

හත්වැන්නා

1. නා. සත් වැනි තැනට එන දෙය ; සප්තමය.
2. කේන්ද්‍රයක හත් වැනි භාවය.
3. නමේ අගට ‘වැන්න’ යන්න සහිත ව හැඳින්වෙන බෙහෙත් පැලෑටි වර්ග සත.

හති අරිනවා

ක්‍රි. විඩාව සන්සිඳුවනවා ; මහන්සිය අඩුකර ගන්නවා.

හති දමනවා

ක්‍රි. විඩාපත් ව තදින් හුස්ම ඉහළට ගන්නවා සහ පහළට හෙළනවා.

හතිය

1. නා. ශාරීරික තරගයක, අභ්‍යාසයක හෝ බර වැඩක යෙදීමෙන් පත්වන දැඩි වෙහෙස.
2. එසේ වෙහෙසවීමෙන් පසු තදින් හුස්ම හෙළීම සහ ගැනීම.
3. සෙම අධිකවීමෙන් ඇතිවන රෝගයක් ; මුහ රෝගය.