සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 226
ආරණ්ය
වි. වනයෙහි වූ; වනය පිළිබඳ වූ.
ආරණ්ය සේනාසනය
නා. ආරණ්යවාසී භික්ෂූන් හිඳින, සැතපෙන තැන; ඔවුන්ගේ වාසස්ථානය; භික්ෂූන්ගේ වන සෙනසුන.
ආරනවා
ක්රි. වැඩෙනවා; වර්ධනය වෙනවා; මහත් වෙනවා; තර වෙනවා.
ආරබ්ධ වීර්යය
නා. පටන් ගන්නා ලද හෝ වඩන ලද හෝ වීර්යය.
ආරබාර
නා.ප්ර. පිහිට ලබා ගනු සඳහා දෙවියන් කෙරෙහි වන පොරොන්දු; ඇප කැප වීම.
ආරමණය
1. නා. සිත් පිනවීම; සිත් ඇලවීම.
2. නා. නවතින තැන; විශ්රාම ගන්නා ස්ථානය.
ආරම්භක
වි. මුල්; මූලික; ප්රාරම්භ; පටන්ගන්නා වූ.
ආරම්භකයා
නා. ආරම්භ කරන්නා; පටන් ගන්නා.
ආරම්මණය
නා. අරමුණ.
ආරමාරුව
1. (කථා.) නා. මාරු වීම; මාරු කිරීම; හුවමාරුව.
2. නා. අඬදබරය; කලහය.
ආරය
නා. වර්ගය; ජාතිය; ප්රවේණිය; පරම්පරාව.
ආරලු බූරලු
(කථා.) නා.ප්ර. වැදගැම්මක් නැති කථා; නිරර්ථක කථා; වැල්වටාරම් කථා.
ආරවුල
නා. අවුල; වියවුල; අරගලය; කලහය.
ආර්ජවය
නා. ඍජු බව; අවංක භාවය.
ආර්තවය
නා. ස්ත්රීන්ගේ ඔසප් ලේ.
ආර්තවාණුව
ආර්ථික ක්රමය
(පාරිභා.) නා. සමාජයක මිල මුදල් හා ධන සම්පත් පාලනය කිරීමේ විධිය; අර්ථ පාලනය (=economy).
ආර්ථික නිදහස
(පාරිභා.) නා. තමන්ගේ අභිමතය පරිදි ධන සම්පත් පාලනය කර ගැනීමේ නිදහස (=economic freedom).
ආර්ථික විද්යාව
නා. ධන සම්පත්, සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද ධන සම්පත් වර්ධනය ද පිළිබඳ උගන්වන විද්යාව; අර්ථ ශාස්ත්රය.
ආර්ද්ර
1. වි. තෙත් වූ; තෙමුණු.
2. වි. අමු; නොවියළි.
3. වි. අලුත්; නව.
ආර්ද්රතාමානය
(පාරිභා.) නා. වායුවෙහි ඇති තෙතමන ප්රමාණය මැනීමේ උපකරණයක් (=hygrometer).
ආර්ද්රතාව
(පාරිභා.) නා. වායුවේ තෙතමනය (=humidity).
ආර්ය අෂ්ටාංගික මාර්ගය
නා. අති උතුම් වූ මාර්ගය; සම්මා දිට්ඨි ආදි අංග අටකින් යුත් නිර්වාණ මාර්ගය.
ආර්ය ධර්ම
නා.ප්ර. මාර්ගඵල ධ්යාන විදර්ශනාදි උත්තම ධර්ම.