සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 225
ආයාතය
(පාරිභා.) නා.ප්‍ර. පිටරටින් ගෙන්වන ලද්ද; විදේශීය භාණ්ඩය; ආනයනය කරන ලද භාණ්ඩය (=import).
ආයාසය
1. නා. ශාරීරික හෝ මානසික වෙහෙස; මහන්සිය; විඩාව; තෙහෙට්ටුව.
2. නා. උත්සාහය.
ආයිත්තම
1. නා. පලඳනාව; ආභරණය.
2. නා. ඇඳුම; වස්ත්‍රය.
ආයු පරියෝසානය
නා. ජීවිත කාලයෙහි කෙළවර; ආයුෂ අවසානය.
ආයු සන්තතිය
නා. ආයු ප්‍රමාණය; ආයු ප්‍රවාහය.
ආයුඃශ්‍රී
නා.ප්‍ර. ආයු කාලය නමැති සම්පත; දීර්ඝායුෂ සම්පත.
ආයුක්ත
1. වි. සම්බන්ධ; නියැළුණ.
2. වි. පවරන ලද; මෙහෙයුණු.
ආයුක්ෂය
නා.ප්‍ර. උපන් භවයෙහි ජිවිත කාලය ක්ෂය වීම; ආයුෂ ගෙවී යෑම.
ආයුධ සන්නද්ධ
වි. ආයුධයෙන් සැරසුණු; අවිගත්.
ආයුධය
නා. කැපීම, පහරදීම වැනි කාර්යයන්ට යොදා ගන්නා මෙවලම; අවිය; සැත; ශස්ත්‍රය.
ආයුබෝවන්
නි. බොහෝ කල් ජීවත් වේවා, දීර්ඝායු ලැබේවා යනුවෙන් කෙනෙකුට ආචාර කිරීමේදී ව්‍යවහාර කරනු ලබන පාඨය.
ආයුර්වේදය
නා. දීර්ඝ ආයුෂ ලාභය පිළිබඳ වෛද්‍ය විද්‍යාව; පෙරදිග වෛද්‍ය ශාස්ත්රවලින් එකක නාමය.
ආයුරාරෝග්යය
නා. දීර්ඝායු හා නිරෝගි බව.
ආයුෂය
නා. ජීවත් වන කාලය.
ආයුෂ්මත්
වි. (ශරීර ශක්තියෙන් යුක්ත ව දීර්ඝ ආයුෂ වළඳන යනු වාච්‍යාර්ථයි) වැඩිහිටි හා සම තත්ත්වයේ භික්ෂූන්ට ගෞරව වශයෙන් අන්‍යෝන්‍යව භාවිත වන ප්‍රියජනක ව්‍යවහාරයක්.
ආයුසංස්කාරය
නා. ආයුෂය හෙවත් සත්ත්වයාගේ ජීවිතේන්ද්රිය : ආයුඵල දීමේ ශක්තිය.
ආයෝගය
නා. එකට යෙදීම; එක්තැන් කිරීම; එකට බැඳීම.
ආයෝජනය
1. නා. රැස් කිරීම.
2. නා. ළඟට ගෙන ඒම.
3. (පාරිභා.) (ව්‍යාපාරයක) නා. මුදල් යෙදීම; ව්‍යාපාරයක යොදන ලද මුදල; ධන වින්‍යාසය; ආයෝජිතය.
ආරක්ෂකයා
නා. රැක බලා ගන්නා; භාරකාරයා; මුරකාරයා.
ආරක්ෂණය
නා. ආරක්ෂා කිරීම; රැක ගැනීම.
ආරක්ෂාව
නා. රැකීම; රැකවල; පිහිට; සරණ.
ආරක්ෂිත
වි. ආරක්ෂාව ලද; රැකවල් කරන ලද; පරෙස්සම් වූ.
ආරච්චි
1. නා.ප්‍ර. මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සේවය කළ යුද්ධ නිලධාරියෙක්.
2. නා.ප්‍ර. මුදලි කෙනකු යටතේ සේවය කළ නිලධාරියෙක්; ගම්මුලාදෑනියා; ගම්මුලාදෑනින් කිහිප දෙනකුගේ ප්‍රධානයා.
3. නා.ප්‍ර. කාර්යාලයක සේවයේ නියුක්ත ජ්‍යෙෂ්ඨ කාර්යාල කාර්ය සහායකයා.
ආරච්චි වසම
නා. ආරච්චි කෙනකුගේ පරිපාලනයට අයත් ප්‍රදේශය.