සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 291
උගමුට්ටිය
(කථා.) නා. කිතුල්මලේ තෙලිදිය වෑස්සීමට එහි එල්ලනු ලබන මුට්ටිය; ගස් මුට්ටිය.
උගය
නා. භාජනයක් හෝ වෙනත් දෙයක් එල්ලා තැබීමට ගැනෙන ජාලාකාර වූ උරිය හෝ පැස; උගාව.
උගරෑන
(කථා.) නා. කළ, ලබුකැට ආදිය එල්ලාගෙන යා හැකි වන සේ ඒවායේ කට වටා බඳින රැහැන.
උගලනවා
ක්රි. එල්ලා තබනවා.
උගස
නා. යමක් ඇපයට තැබීම.
උගහට
වි. දුෂ්කර; අමාරු; අපහසු; ආයාසකර.
නා.ප්ර. දුෂ්කර වූව; ආයාසකර වූ දෙය.
උගහල්ල
(කථා.) නා. වළන් ආදිය එල්ලා තැබීමට දැලක් සේ වැල් ආදියෙන් ගොතා ඉහළක බැඳ ඇති උරය.
උග්ගත
වි. පැන නැඟි; උදා වූ; උද්ගත වූ.
උග්ගහ
නා.ප්ර. මනසින් ග්රහණය කිරීම; වණපොත් කිරීම; උද්ග්රහණය කිරීම; ඉගැනුම; අධ්යයනය.
උග්ඝාටනය
නා. ඉගිළවීම; ගලවා දැමීම; ඉවත් කිරීම.
උග්ර
වි. දැඩි; තියුණු; කර්කෂ.
නා.ප්ර. ශිව දෙවියා.
උග්ර තාපමාපකය
(පාරිභා.) නා. අධික උෂ්ණත්වය මැනීමේ උපකරණයක් (=pyrometer).
උග්රදණ්ඩ
වි. බලවත් ආඥා ඇති; නිර්දය.
උගාකණුව
(කථා.) නා. කමතේ අම්බරුවන් බඳින කණුව; කමත මැද සිටුවන ගොන් කණුව.
උගාවට ඉහිනවා
ක්රි. මුල් ඇදී කැටි ගැසුණු බිත්තර වී ඉහිනවා හෙවත් වපුරනවා; පැළ මුල නොතෙමා වපුරනවා.
උගාවී
(කථා.) නා.ප්ර. තෙමා බර තැබීමෙන් පසු ව පැළමුල් ආදිය එකට කැටි ගැසුණු බිත්තර වී; දෙවන වරට නොතෙමූ පැළ වී.
උගු
නා.ප්ර. උක්ගස.
උගුඩු
වි. හොඳින් නොපැසුණු; නොමේරූ.
නා.ප්ර. (කථා.) පැසුණු තෙලිජ්ජ; රා.
උගුඩුවා
1. (කථා.) නා. කලවැද්දා; කොළ දිවියා.
2. නා. මෝඩයා; අබබ්බයා; තකතිරුවා.
උගුර
1. නා. කණ්ඨය; බොටුව; ගලනාලය.
2. නා. එක වරකට ගිලින දියර ප්රමාණය.
උගුර කරමල
නා. දිව මුල උගුර දෙපැත්තෙහි වූ මස් රොද දෙක; ගලමූල ග්රන්ථිය.
උගුර හඬනවා
1. ක්රි. උගුරෙහි සෙම බඳින නිසා හුස්ම ගැනීමේ දී අමිහිරි ශබ්දයක් නිකුත් වෙනවා.
2. (කථා.) ක්රි. ඉක්කගහනවා.
උගුරහිය
නා. උගුරෙහි සෙම බැඳී හිරවීම.
උගුරු ඇටය
නා. බෙල්ලේ ඉදිරිපස ගැටයක් මෙන් නෙරා ඇති තයිරොයිඩ් කාටිලේජය.