සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 296
උඩින් මත්තෙන්
(කථා.) ක්රි.වි. අතනිත් මෙතනින්; අතරින් පතරින්.
උඩින් යනවා
(කථා.) ක්රි. ප්රමාණය ඉක්මවා කටයුතු කරනවා.
උඩු
වි. ඉහළින් පිහිටියා වූ; ඉහළ; උඩ.
1. නා.ප්ර. තරුව; තාරකාව.
2. නා.ප්ර. නැකත; නක්ෂත්රය.
උඩු අත
නා. ඉහළ පැත්ත.
ක්රි.වි. ඉහළ පැත්තෙන්; උඩහින්.
උඩු කබල
1. (පාරිභා.) නා. ඉබ්බන්, කකුළුවන් ආදින්ගේ ශක්තිමත් පිට වැස්ම හෙවත් පොත්ත. (=carapace)
2. (කථා.) නා. ආප්ප වැනි කෑම වර්ග ඉවීමේ උඩින් තබන ගිනි අඟුරු සහිත කබල.
උඩු කරනවා
ක්රි. උඩ නඟනවා; ඔසොවනවා.
උඩු ගත
නා. ශරීරයේ ඉහළ කොටස; ඌර්ධ්වකාය.
උඩු තල්ල
නා. මුඛ කුහරයේ උඩුපැත්ත.
උඩු තුරාව
නා. රුවලේ ඉහළ කොටසේ කෙළවර.
උඩු දණ්ඩ
නා. ඔරුවක කුඩා කුඹය.
උඩු දැත්ත
(කථා.) නා. ලියැද්දක ඉහළ පැත්තෙන් වූ නියර අසල ප්රදේශය.
උඩු දැළිය
නා. උඩු රැවුල.
උඩු දිව
නා. පුංචි දිව; රසදිව.
උඩු නඟනවා
ක්රි. උඩට ඔසවනවා.
උඩු නැම්ම
(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තර ආරුක්කුවක හැඩයට රැලි ගැසීමෙන් සිදු වන නැම්ම (=anticline, anticlinal fold ).
උඩු පිල
නා. අංකෙළිය, පොල් ගැසීම ආදි ක්රීඩාවලට එළඹෙන පක්ෂ දෙකෙන් එකක් හඳුන්වන නාමය.
උඩු බහ
(කථා.) නා. නිසි පිළිවෙළ; අණ ගුණ.
උඩු බුරනවා
ක්රි. (බල්ලන්) මුඛය උඩුකුරු කොට (දුක්මුසු ලීලාවෙන්) හඬ නඟනවා.
උඩු රළුව
(කථා.) නා. සුළි සුළඟ.
උඩු රැළිය
නා. උඩු නැම්ම.
උඩුඅක්ලොම්
නා.ප්ර. උඩුකුරු වූ අගින් යුත් ලෝම; බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.
උඩුකය
නා. ශරීරයේ නාභියෙන් ඉහළ කොටස; ඌර්ධ්වකාය.
උඩුකුරු
1. වි. උඩු අතට හැරුණු; උඩුබැලි; ඌර්ධ්වගාමී.
2. (පාරිභා.) වි. කෙළින් පිහිටි (=erect).
3. වි. ඩිම්බය කෙළින් පිහිටි.
උඩුකුරු තෙරපීම
නා. ජලයෙහි පවත්නා පරිදි උඩු අතට ක්රියා කරන බලය හෙවත් පීඩනය.