සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 297
උඩුකුරු ප්‍රතිබිම්බය
(පාරිභා.) නා. නියම ස්වරූපය වෙනස් බවට පරිවර්තනය වූ ප්‍රතිරූපය (=erect image).
උඩුකුරු වාතය
නා. වාතය ඌර්ධ්වගත වීම නිසා බඩ සහ බඩවැල අධික වාතයෙන් පිරීයෑමෙන් හටගන්නා රෝගය.
උඩුකුරු විභේදය
නා. ඉහළින් පිහිටි පාෂාණ ස්තර පහළින් පිහිටි ස්තරවලට උඩින් ඉදිරියට තල්ලු වී සෑදුණු විභේදයක් (=reverse fault).
උඩුකුරු විස්ථාපනය
නා. වාතයට වඩා වැඩි ඝනත්වයක් ඇති (ක්ලෝරීන් වැනි) වායු එකතු කිරීමේ ක්‍රමයක් (=upward dis- place).
උඩුගං
වි. ගඟක ඉහත්තාව හා සම්බන්ධ.
උඩුගුරුරැව්
නා.ප්‍ර. බල්ලන් උඩුබුරුලන හඬ.
උඩුගුවන
නා. අහසේ ඉහළ පෙදෙස; අහස් කුස; උඩු ගුවන.
උඩුතැලි
වි. උඩු අතට හැරුණු; උඩුකුරු.
උඩුප
1. නා.ප්‍ර. කුඩා ඔරුව; පහුර.
2. නා.ප්‍ර. ඔරුවක හැඩය ඇති චන්ද්‍රයා.
උඩුපති
නා.ප්‍ර. තාරකාවන්ගේ ස්වාමියා; චන්ද්‍රයා.
උඩුමංසල
(කථා.) නා. ගොඩනැගිල්ලක උඩ තට්ටුව; ප්‍රාසාදයක උඩු මහල.
උඩුමඟ
1. (කථා.) නා. ඉණිමඟ; සෝපානය; තරප්පුව.
2. නා. ඉහළට යන පාර.
උඩුමණ්ඩි
(පාරිභා.) නා.ප්‍ර. ද්‍රවයක මතු පිට සෑදෙන එසේත් නැතිනම් ද්‍රව මතුපිටට නැඟෙන අපද්‍රව්‍යය; ද්‍රවයක මතුපිට පාවෙන ඕනෑ ම අපවිත්‍ර ද්‍රව්‍ය තට්ටුවක්.
උඩුමහල් ගැබ්ගෙය
නා. උඩුමහල් ගර්භයකින් යුත් ගෙය.
උඩුමහල් ගේ
1. නා. දේවාලයක ඉහළ ගබඩාව.
2. නා. තට්ටු කිහිපයක් සහිත ගෙය.
උඩුම්බුවා
(කථා.) නා. තලගොයා; ගොඩබිම හැසිරෙන එනම් සතා.
උඩුමාල
නා. තට්ටු දෙකක් ඇති ගෙයක හෝ ගොඩනැගිල්ලක හෝ උඩ තට්ටුව; මතුමහල; සොල්දර තට්ටුව; තට්ටු කිහිපයක් ඇති ගොඩනැගිල්ලක මුදුන් තට්ටුව.
උඩුමාව
(කථා.) නා. ගෙඩි වල්ලක ඉහළින් ම තිබෙන ගෙඩිය.
උඩුමියා
වි. උඩුකුරු; උඩට හැරුණු කට ඇති.
උඩුමුරුව
(කථා.) නා. අමනාපය; අධික නොරිස්සුම් බව හෝ කෝපය පෙන්වීම.
උඩුමුල්ල
1. (කථා.) නා. කුඹුරක ඉහළ කොන.
2. නා. ගෙයක මුදුනේ ඇති මුල්ල.
උඩුමුව
වි. උඩට හැරවූ මුඛය ඇති; උඩුකුරු; උඩුබැලි.
උඩුරාජ
නා.ප්‍ර. තාරකාවලියේ රජා; සඳ; චන්ද්‍රයා.
උඩුවටු
වි. උඩ බලා පිහිටි; උඩුකුරු; ඌර්ධ්වවර්තී.