සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 298

උඩුසුළග

නා. සුළඟ හමා එන පැත්ත; හමන සුළඟට විරුද්ධ දිසාව; පටිවාතය.

උඩුහිත

නා. මනසේ හැඟීම් හෙවත් සංඥා ලබාගන්නා සිත; ප්‍රකට චිත්තය.

උඩුහුරු

1. වි. උඩු අතට හැරුණු; උඩුකුරු; උඩුබැලි.
2. වි. උඩට නැඟුණු; ගැලවුණු.
1. නා.ප්‍ර. උඩට ගන්නා හුස්ම; ආශ්වාසය.
2. නා.ප්‍ර. සුසුම; දුක් සුසුම.

උඩුහුරුනල

නා. ඌර්ධ්වශ්වාස මාරුතය; සුසුම් වාතය.

උණ

1. නා. උෂ්ණත්වය; උණුසුම.
2. නා. උණ රෝගය; ජ්වරය.
3. නා. ගං ඉවුරු ආදියෙහි පඳුරු වශයෙන් උඩට වැඩෙන නළාකාර පුරුක් සහිත කඳක් ඇති තෘණ කුලයේ ශාකයක්; උණගස.

උණ කටුව

1. නා. ශරීරයේ උෂ්ණත්වය මැනීම පිණිස ගන්නා විශේෂ උෂ්ණත්ව මානය.
2. නා. කටුඋණ ගස්වල කටුව.

උණ කිළිල

නා. ළපටි උණ ගොබය; නොමේරූ උණ අංකුරය; උණ මොටියා.

උණ කුළල

නා. උණ බම්බුවෙන් සෑදූ නළය හෝ නළාව.

උණ ගෙඩිය

නා. මැලේරියා ආදි විෂම ජ්වර රෝග කලක් පැවතීම නිසා ඉදිමුණු බඩදිව හෙවත් පිලාව; උණ පිලාව.

උණකපුරු

නා.ප්‍ර. උණ ගසෙන් ලබාගන්නා කපුරු විශේෂය; වංශලෝචන.

උණකුලාව

(කථා.) නා. ගැටය සහිත උණ පුරුක.

උණපුපුළුවා

නා. උණහපුළුවා.

උණසන්නිපාතය

නා. බඩවැල්වල ආබාධ නිසා ඇති වන උණ රෝගයක්; ආන්ත්‍රික ජ්වරය.

උණසහල්

නා.ප්‍ර. උණ ගසෙහි ඇට හෙවත් බීජ.

උණසීගතු

නා.ප්‍ර. ශරීරය වෙව්ලන තරමට සීතල ඇති වී සෑදෙන්නා වූ උණ රෝගයක්.

උණහපුළුවා

නා. සිහින් අතපයත් විශාල ඇස් දෙකකුත් ඇති වලිගය රහිත නිශාචර කුඩා ක්ෂීරපායී සතෙක්; උණපුපුළුවා.

උණළු

නා.ප්‍ර. උණුසුම් අළු; රත් වූ අළු.

උණ්ඩය

නා. තුවක්කුවට දමා වෙඩි තබන ලෝහ ගුළිය; වෙඩි උණ්ඩය; මූනිස්සම.

උණ්ඩිය

නා. ගෝලාකාර කුට්ටිය; ගුළිය; පොදිය.

උණ්ඩියම

නා.ප්‍ර. හෙට්ටි ජනයා විසින් මුදල් වෙනුවට පාවිච්චි කළැයි කියන මුද්‍රා තැබූ තල්කොළ කැබැල්ල.

උණ්ඩියරාල

නා. මහනුවර රාජ්‍ය සමයේ අයබදු එකතු කළ නිලධාරියෙක්.

උණ්ඩුකපුච්ඡය

(පාරිභා.) නා. මහා බඩවැල ආරම්භයේ පිහිටි උණ්ඩුකයෙන් දික් වී පැතිර යන එක කෙළවරක් වැසුණු පටු නාළය (=appendix).

උණ්ඩුකය

නා. ක්ෂිරපායී සත්ත්වයන්ගේ කුඩා බඩවැල හා මහ බඩවැල සන්ධි වන තැන පිහිටි පණුවකු බඳු කුඩා අවයවය; අන්ධාශය.

උණ්ණහිසි

නා.ප්‍ර. සිවුරු කපා උර තනා කැප සතුන්ගේ ලොම් ආදිය පුරවා සාදා ගන්නා මෙට්ටය.

උණ්හීසකය

1. නා. (රජවරුන්) නළලෙහි පලඳින ආභරණ විශේෂයක්; නළල්පට.
2. නා. ඔටුන්න; කිරීටය.
3. නා. හිස්වෙළුම; තොප්පිය.
4. නා. බුදුරදුන්ගේ හිස් මුදුනෙහි සිළුවක් මෙන් උඩට නෙරා ගිය කොටස; උෂ්ණීෂය.