සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 306
උතු කුඹුර
නා. සරුසාර කුඹුර; සාරවත් වෙල.
උතු නියාමය
නා. ඍතුවලට අයත් නියමිත සිදුවීම්; ඒ ඒ ඍතුව අනු ව ස්වභාව ධර්මයේ ඇති වන වෙනස්කම්.
උතු පරිණාමය
නා. ශීතෝෂ්ණාදි කාලගුණයන්ගේ වෙනස්වීම.
උතු මඬල
නා. දණ හිස; දණහිස් කටුව.
උතුඅඟුරු
නා.ප්‍ර. පොල්කටු අඟුරු.
උතුකඩ
1. නා. ප්‍රධාන මාර්ගය; නිතර යන මාර්ගය.
2. (කථා.) නා. ළපටි පොල් ගෙඩියේ කටුව,
උතුජ
වි. ඍතුවෙන් හටගත්; ඍතුජ.
උතුනි
නා. ඔසප් වූ හෙවත් මල්වර වූ ස්ත්‍රිය.
උතුපූ
නා.ප්‍ර. වණ්ඩුවේ හෙවත් කඩපිම්මේ තම්බා සාදා ගනු ලබන කැවුම් වර්ගයක්.
උතුමග
1. නා. උත්තමාංගය; හිස; මුදුන.
2. නා. කාන්තාවන්ගේ යෝනි මාර්ගය; ඍතු මාර්ගය; උතුනීමග.
උතුමල්
නා.ප්‍ර. ඔසප් වීම; ඍතු වීම.
උතුම්
වි. ශ්‍රේෂ්ඨ; උසස්; උත්තම; අනගි.
උතුමා
නා. උත්තමයා; උසස් පුද්ගලයා; මහා සත්ත්වයා හෙවත් බෝධිසත්ත්වයන් වහන්සේ.
උතුර
1. නා. දකුණට ප්‍රතිවිරුද්ධ දිශාව; උතුරු දිශාව.
2. නා. උත්තරය; පිළිතුර.
3. නා. උතුරු සළුව; උත්තර ශාටකය.
4. නා. උතුරු දිසාවට අධිපතියා; වෛශ්රවණයා.
උතුර හොල්ලනවා
ක්‍රි. හිස සොලවනවා; ඉහ උස්සනවා.
උතුරනවා
1. ක්‍රි. ගං හෝ ළිං ආදිය පිරී වතුර ඉවතට භාජන ගලායනවා.
2. ක්‍රි. ද්‍රවයක් බුබුළු නඟින තරමට රත්වෙනවා.
උතුරු
1. වි. උසස්; ශ්‍රේෂ්ඨ; උතුම්; උත්තරීතර; අධික; වැඩි.
2. වි. ඉහළ; උඩින් වූ.
3. වි. උතුරු දිසාවෙහි වූ.
4. වි. පසු ව එන; අවසාන.
උතුරු කටුව
නා. දිශා දර්ශකය; කොම්පාසුව.
උතුරු තරු මාපකය
නා. මාලිමා යන්ත්‍රය.
උතුරු තෙපුල
නා. පිළිතුරු වචනය; උත්තරය.
උතුරු දිය
1. නා. සුළඟ දකුණට හමන කාලය.
2. නා. මුහුදු ජලය උතුරු දිසාවට ගමන් කිරීම.
උතුරු පට
නා. උරය උඩින් දමන ශාටකය; උතුරු සළුව,
උතුරු පදය
නා. සන්ධි වන පද දෙකක හෝ සමාස වන පද දෙකක පර පදය හෙවත් අවසාන පදය.
උතුරු බුද්ධාගම
නා. මහායාන බුද්ධාගම.