සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 305
උත්පීඩිත
වි. ඉපිළුණු; උද්දීපනය වූ.
උත්බණ්ඩනය කරනවා
ක්‍රි. (නීති.) විරුද්ධ ව කටයුතු කරනවා.
උත්සඞ්ගය
1. නා. උකුළ; ඔඩොක්කුව; ඉණ.
2. නා. වැලඳ ගැනීම; එක් වීම; සම්භෝගය.
උත්සද
වි. අධික; වැඩි; උත්සන්න.
උත්සන්න
1. වි. උස් වූ; උසස් වූ; උත්කෘෂ්ට.
2. වි. වැඩි වූ; අධික වූ.
3. වි. ඇවිස්සුණු; නැඟුණු; දරුණු වූ; අමාරු වූ.
උත්සර්ගය
1. නා. නික්මවීම; මුදාලීම; මෝචනය.
2. නා. මලපහ කිරීම.
3. නා. දානය; පරිත්‍යාගය.
4. (ව්‍යාක.) නා. සාමාන්‍ය විධිය; විශේෂ සූත්‍රයෙන් අන්‍ය වූ සාමාන්‍ය සූත්‍රය.
උත්සර්පිත
වි. එසවූ; උඩට නැංවූ.
උත්සවය
නා. උලෙළ; සැණකෙළිය; මංගල්ලය.
උත්ස්වේදන ප්‍රවාහය
(පාරිභා.) නා. (උද්භි.) පැළෑටියක මුල්වල සිට කඳ ඔස්සේ කොළ කරා ජලවාෂ්ප වශයෙන් නිකුත් වන ජලධාරාව (=transpiration stream or current).
උත්ස්වේදනය
නා. (උද්භි.) මුල් මඟින් පැළයකට උරාගන්නා ජලය පත්‍රවල පුටිකා මගින් ජලවාෂ්ප වී වාතයට ඇදී නැති වී යෑම (=transpiration).
උත්සාදනය
1. නා. වළ ගැසුණු වණයක් උඩට වැඩීම සඳහා ඖෂධ යෙදීම.
2. (පාරිභා.) නා. යමක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට නොපැමිණ කෙළින් ම වාෂ්ප අවස්ථාවට පැමිණීම; ඌර්ධ්වපාතය (=sublimation).
උත්සාද්යය
(පාරිභා.) නා. උත්සාදනය වී රැස් වන ඝන ද්‍රව්‍යය (=the sublimate).
උත්සාරණය
නා. දුරු කරවීම; අහකට යැවීම; ඉවත් කරවීම.
උත්සාහය
නා. වෑයම; වීර්යය; ප්රයත්නය; පරිශ්රමය.
උත්සික්ත
වි. උතුරා ගිය.
උත්සීම
වි. සීමාව ඉක්ම වූ; ඉතා වැඩි.
උත්සුක
1. වි. උනන්දු; උත්සාහවත්; මහත් ආශා සහිත.
2. වි. උකටලී.
උත්සෘෂ්ට
වි. මුදා හළ; අත් හළ; දුරු කළ.
උත්සේකය
1. නා. ඉසීම.
2. නා. දර්පය; අහංකාරය.
උත්සේධය
1. නා. උස; උච්චතාව.
2. (වෛද්‍ය.) නා. දොස් කෝපය.
උතැනි
වි. පැහැදිලි; ප්‍රකට.
උතිරිය
නා. උතුරු සළුව; උත්තර සාටකය.
උතු
1. වි. කියන ලද; උක්ත.
2. වි. අනඟි; උතුම්; ප්‍රධාන; සාරවත්.
1. නා.ප්‍ර. සෘතුව
2. නා.ප්‍ර. ස්ත්රීන්ගේ ඔසප් ලෙය.
3. නා.ප්‍ර. පොල් දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව.
4. නා.ප්‍ර. තරාදි තටුව.
5. නා.ප්‍ර. සිංහල ඡන්දසක නාමය.
උතු කටුව
නා. පොල් කටුව.