සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 307
උතුරු බෙයද
නා. උතුරින් පිහිටි පර්වතය; මහාමේරුව.
උතුරු මහ චේතිය
නා. අභයගිරි චෛත්‍යය.
උතුරු මුහුණ
නා. උතුරු පැත්ත.
උතුරු ලීය
1. නා. දොරක උඩ අගුල.
2. නා. ගිනි ගානා දඬු දෙකින් උඩ දණ්ඩ.
උතුරු වස්ත්‍රය
නා. උඩින් අඳින දිග කබාය; සාටකය.
උතුරු වසා සිවුර
නා. තනිපට සිවුර; උත්තරා සංගය.
උතුරු සළුව
නා. උඩුකය වැසෙන සේ පොරවන රෙද්ද; උත්තර සාටකය.
උතුරු සුළඟ
(පාරිභා.) නා. ඊසාන දිග මෝසම් සුළඟ (=norther).
උතුරුකන්
1. නා.ප්‍ර. උතුරු කොන; උතුරු දිග.
2. නා.ප්‍ර. උතුරු දිගින් හමන සුළඟ; ඊසාන දිගින් හමන මෝසම් සුළඟ.
උතුරුදිගිඳු
නා.ප්‍ර. උතුරු දිසාවට අධිපතියා; වෛශ්රවණයා.
උතුරුපස්නා
නා.ප්‍ර. ශ්‍රී මහා බෝධි මංගල්‍යයේ දී කොඩි නංවන අයගේ නායකයා; උත්තරාපථ නායක.
උතුරුපසුතුරු
නා.ප්‍ර. උත්තරය හා එයට දෙන පිළිතුර.
උතුරුමිනිස්දම්
නා.ප්‍ර. උත්තරි මනුෂ්‍ය ධර්මය;
උතුරුවතුරුවනවා
ක්‍රි. පිරී ඉතිරී යෑමට සලස්වනවා; උතුරා යන තරමට පුරවනවා.
උතුලාව
1. නා. උත්සවය; මංගලෝත්සවය.
2. නා. අවමංගල්‍යය.
උතුවළඳ
(කථා.) නා. පොල් කටුව; ලුණු දැමීමට භාවිත කරන පොල් කටුව; ලුණු පොල් කටුව.
උතුසත්ප්රාය
නා.ප්‍ර. කාලගුණයේ යහපත් බව.
උද
1. නා.ප්‍ර. ජලය.
2. නා.ප්‍ර. අභිවෘද්ධිය; අභ්‍යුදය.
උද පාත්‍රය
නා. දිය බඳුන.
උද පානය
නා. ළිඳ.
උදක
1. නා.ප්‍ර. ජලය; දිය.
2. නා.ප්‍ර. මුහුද; සමුද්‍රය.
3. නා.ප්‍ර. උද්දකරාමපුත්ත නම් තාපසයා.
උදක කෘත්‍යය
නා. ශරීර කෘත්‍යයෙන් පසු ජලයෙන් සෝදා පිරිසිදු වීම; අතපය සේදීම.
උදක ඝාතය
නා. හස්තයෙන් හෝ යන්ත්‍රයකින් නිකුත් කරනු ලබන දිය පහරකින් ගැසීම; සිව්සැට කලාවන්ගෙන් එකකි.
උදක තාරකාව
නා. බලන්නෙකුට ජලයෙහි පෙනෙන තමාගේ පිළිබිඹුව; දියතරුව.