සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 308

උදක තුම්බය

1. නා. දියලබුව; දිය සැළ; උදකඝටය.
2. නා. පොකුණකට දිය එන නළය.

උදක දානය

නා. මළගිය ඇත්තෙකුට මළ දින රාත්‍රියෙහි කරන දිය පූජාව.

උදක පාෂාණය

නා. දිය මිදී ඇතිවන කැටය; හිම වැහි කැටය; හිම ගල.

උදක පුඤ්ජනිය

නා. (විනය.) නෑමෙන් පසු ශරීරයේ දිය පිස දැමීම සඳහා ඇත් දත් ආදියෙන් කළ උපකරණය; දිය පිස්නාව.

උදක බුද්බුදය

නා. දිය බුබුළ.

උදක වාරය

1. නා. දිය සැපයෙන වාරය; දිය මුරය.
2. නා. දියවරින් ලැබෙන ආදායම; දියවර බද්ද.

උදක වාහකය

නා. ජල ප්‍රවාහය; දියපාර.

උදක ශකුනිය

නා. දියළිහිණියා; දියකා ධේනුව.

උදක සාක්ෂි කරනවා

ක්‍රි. දන් පිළිගැන්වීමට මත්තෙන් ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි දක්ෂිණෝදකය වත් කරනවා; අත පැන් වත් කරනවා.

උදක සේතුව

නා. දිය රැඳවීම පිණිස බඳිනා වැටිය; තෝතැන්නක් වටා ඇති වැටිය; මියර.

උදකජල්ලිකා

නා.ප්‍ර. ජලයෙහි ඇති දැලි, රොන් මඩ ආදිය; දියදැලි; දියරොන්.

උදකට්ඨ

වි. දියෙහි පිහිටි; ජලය උත්පත්ති ස්ථාන කොට ඇති; ජලට්ඨ.

උදකධරා

නා.ප්‍ර. ශරීරයෙහි බාහිර සිවිය; සම.

උදකනිද්ධමන

නා.ප්‍ර. දිය බසින ඇළ; ඇළ මාර්ගය.

උදකනිෂ්‍යන්ද

නා.ප්‍ර. දිය වැගිරීම; දිය ඉනීම; උල්පත.

උදකප්‍රසාදක

වි. ජලය පිරිසිදු කරන; දිය පහදවන.

උදකභීරුක

වි. ජලයට බියවනසුලු.

උදකරාශි

නා.ප්‍ර. (ජලය ආශ්‍රිත) කටක, මකර හා මීන යන රාශි; ජලරාශී.

උදකලා

වි. දෙවැන්නකු නැති; තනි; හුදකලා.

උදක්

වි. හුදු; තනි; තනිකර; කේවල;ඒකාන්ත.

උදකාභිෂේකය

නා. පැන් ඉසීම; හිස පැන් වත් කිරීම; දිය නෑවීම.

උදකාලය

නා.ප්‍ර. ජලය නැමැති ගෘහය.

උදකාවගාහය

නා. ජලයෙහි නිමග්න වීම; දියෙහි ගිලීම.

උදකාවර්තය

නා. දිය සුළිය.