සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 39
අට්ඨික සංඥාව
නා. ඇටසැකිල්ලක් යන හැඟීම; ඇටසැකිල්ලක් බවට සංඥාව.
අට්ඨිසංඛලික
1. නා.ප්ර. ඇටසැකිලි වැනි රූ ඇති ප්රේත විශේෂයක්.
2. නා.ප්ර. ඇටසැකිල්ල; ඇට කූඩුව.
අට්ඨුප්පත්තිය
නා. (ධර්ම දේශනයක් සඳහා) කරුණක් පැන නැගීම; හේතුවක් ඉදිරිපත් වීම; අවස්ථාවක් එළඹීම.
අටානූව
අටි
වි. කැමති; රිසි; අභිලාෂි.
අටිය
නා. අදහස; කැමැත්ත; අභිලාෂය.
අටු ඇට
නා.ප්ර. තම්බා අටුවේ ලා වියළා ගත් කොස් ඇට හෝ මදුළු; අටුකොස්.
අටු කොටු
නා.ප්ර. වී ආදිය රැස්කර තබන ධාන්ය ගබඩාව.
අටු පොල්
නා.ප්ර. අටුවෙහි පරණ වූ පොල්; කොට්ට පොල්.
අටුමැස්ස
1. නා. අටුවේ වී ආදිය රැස්කර තබන මැස්ස; අටුගෙයි ලෑලි තට්ටුව.
2. නා. උදුන ඉහළින් තිබෙන මැස්ස; දුම්මැස්ස.
අටුව
1. නා. උස් ව තැනූ මැස්ස.
2. නා. සාම්ප්රදායික කුස්සිවල ලිපට ඉහළින් තැනූ මැස්ස.
3. නා. වී ආදි ධාන්ය ගබඩාව.
අටුවන් කොළය
(කථා.) නා. පුවක් අත්තෙහි මුල කොටස; පෝපත; කොළපත.
අටුවා
1. නා.ප්ර. ත්රිපිටකයට අයත් මුල් ග්රන්ථවල දුෂ්කර පද විස්තර කිරීම සඳහා ලියූ ග්රන්ථ ගණය; අර්ථකථා.
2. (කථා.) නා.ප්ර. විස්තර වර්ණනාව.
අටුවාචාරියා
නා. ත්රිපිටකයට අයත් වූ මුල් ග්රන්ථවල දුෂ්කර පද විවරණය කරමින් අටුවා ග්රන්ථ කළ ඇදුරා.
අටෝරා
වි. අටතුරා.
අටෝරාසිය
නා. අටක් වැඩි සියය; එකසිය අට; අටරාසිය.
අඩ
1. නා. දෙකට බෙදූ කොටස; භාගය; අර්ධය.
2. නා. බදු වශයෙන් ගෙවන කොටස; බද්ද; අඳය.
වි. භෝග සම්පත් ඇති; ආඪ්ය; සමෘද්ධ.
අඩ උපෝසථය
නා. එක් රැයක් හෝ එක් දවාලක් රකින උපෝසථ සීලය; අර්ධ උපෝසථය.
අඩ කවය
නා. වෘත්තාකාර ව ඇඳි රූපයකින් අර්ධය; අර්ධ වෘත්තය; කව පළුව.
අඩ කිරිය
නා. කිරියකින් දෙකෙන් කොටසක හෙවත් දෙ අමුණක ධාන්ය වැපිරෙන බිම් ප්රමාණය.
අඩ කුරුපාව
නා. මුදුන් යටලීය දැරීමට බාල්ක මත සවි කරන ලද කෙටි කණුව.
අඩ කුළුදුල
1. නා. ද්රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත; පත භාගය.
2. නා. වියළි ද්රව්ය මැනීමේ පැරණි මිම්මක්; පලම.
අඩ කෙළ
නා. පනස් ලක්ෂය; කෝටි භාගය.
අඩ තැන
නා. භාගයක් දුර; දුර ප්රමාණයෙන් අර්ධය.