සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 403
කතිසලය
නා. පල්ලියේ පූජාසනයේ ඉටිපන්දම් සවි කිරීමට පාවිච්චි කරන උපකරණය; ඉටිපහන් කඳ; ඉටිපහන් රුක.
කතිසාරු
නා.ප්ර. ප්රශ්නෝත්තර මගින් ක්රිස්තියානි ආගම උගන්වන්නා; පල්ලියේ දී ධර්මය දේශනා කරන නොපැවිදි දේශකයා; ඥාන උපදේශකයා.
කතු
1. නා.ප්ර. කරන්නා; කරන හෝ කළ තැනැත්තා.
2. නා.ප්ර. ක්රියාවක් කරන්නා; වැකියක උක්ත හෝ අනුක්ත කර්තෘ.
3. (ව්යාක.) නා.ප්ර. ග්රන්ථයක් හෝ පුවත්පතක් හෝ සඟරාවක් සම්පාදනය කරන්නා; ග්රන්ථ කර්තෘ; සංස්කාරක.
කතුර
නා. රෙදි, හිසකෙස්, කඩදාසි ආදිය කැපීම සඳහා භාවිත කරන උපකරණය.
කතුරු සන්ධිය
(පාරිභා.) නා. හක්කේ මුල ඇති සන්ධිය.
කතුරුයට
නා. හැරමිටිය; සැරයටිය.
කතුවැකිය
නා. කර්තෘ වාක්යය; පුවත්පතක හෝ සඟරාවක හෝ කර්තෘ හෙවත් සංස්කාරක විසින් ලියනු ලබන ප්රධාන ලිපිය.
කතුස්ම
[කත් + උස්ම]
නා. කදක් ගෙන යන්නා විඩාව ඇරීමට නවතින තෙක් සාමාන්යයෙන් යා හැකි දුර; සැතැප්මක පමණ දුර ප්රමාණය.
කතෝලික
වි. රෝමානු දේවසභාවට අයත්; රෝමානු කතෝලික.
කථකයා
නා. කථා පවත්වන්නා; සමූහයක් හෝ සභාවක් අමතා කථා කරනු ලබන පුද්ගලයා; කථිකයා.
කථා ප්රබන්ධය
නා. ගොතන ලද කථාව; ප්රබන්ධ කථාව.
කථා ප්රවෘත්තිය
නා. පරම්පරාගත ව පැවත එන පුවත; ඓතිහාසික විස්තරය.
කථා පෙට්ටිය
නා. තැටිගත කරන ලද ශබ්ද, විශේෂයෙන් ගායනා හා වාදන, නැවත වාදනය කිරීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්රික භාණ්ඩ විශේෂයක්; ග්රැමපෝනය.
කථා බහ
නා. සතුටු සාමීචි කථාව; කථාබස් කිරීම; අදහස් හුවමාරුව.
කථා මාත්රය
නා. වචන දෙක තුනකින් පමණක් කරන කථාව; අල්පමාත්ර කථාව.
කථා ව්යවහාරය
නා. කථා කිරීමේදී භාවිතා කරන භාෂාව; කටවහර.
කථා ශරීරය
නා. කථාන්තරයක හෝ ප්රබන්ධ කථාවක වර්ණනා ආදි බාහිර අංගවලින් තොර ප්රධාන කොටස; කථා සැකිල්ල.
කථා සල්ලාපය
නා. කීපදෙනෙකු එකතුව කරන කථාව; අල්ලාප සල්ලාපය.
කථා ස්වරූපය
නා. කථා විලාසය.
කථාකාව්යය
නා. කථාන්තරයක් වස්තු කොටගෙන ලියන ලද කාව්යය; කවියට නගන ලද කථාන්තරය.
කථාන්තරය
1. නා. සැබෑ හෝ කල්පිත සිදුවීම් මාලාවක් එකට ගළපා ඉදිරිපත් කරනු ලබන විස්තරය.
2. නා. ඉතිහාස කථාව; පුරාවෘත්තය.
කථානායක
1. නා.ප්ර. පාර්ලිමේන්තුවේ (ව්යවස්ථාදායකයේ) මුලසුන උසුලන පුද්ගලයාගේ නිල නාමය.
2. නා.ප්ර. යම් නිර්මාණයක (නවකථා, කෙටිකථා, චිත්රපට ආදියෙහි) ප්රධාන චරිතය හඳුන්වන නාමය.
කථාප්රසක්ත
වි. කථාවෙහි ඇලුණු; කථාවට කැමති.