සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 402
කණේරුකා
නා.ප්‍ර. ඇතින්න; හස්තිනිය.
කඬ
1. නා.ප්‍ර. කැබැල්ල; කොටස; භාගය; අර්ධය.
2. නා.ප්‍ර. රෙදි කැබැල්ල; රෙද්ද; වස්ත්‍රය.
3. නා.ප්‍ර. කැලෑව; වනය.
4. නා.ප්‍ර. ඊය; ශරය.
5. නා.ප්‍ර. ඉවුර.
කඬ පත
නා. ඊයෙහි බැඳි පත්‍රය හෙවත් ලිපිය.
කඬපොහෝ
නා.ප්‍ර. දවසින් අඩක් රකින පෙහෙවස් සීලය.
කත
1. නා.ප්‍ර. කාන්තාව; ස්ත්‍රිය.
2. නා.ප්‍ර. රජ කුලය; ක්ෂත්රිය වංශය.
3. නා.ප්‍ර. කාන්තිය; රශ්මිය.
වි. කරන ලද; කළා වූ.
කතකලි
නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට විශේෂ වූ නැටුම් සම්ප්රදායයක්.
කතඤ්ඤුතා
නා.ප්‍ර. කළගුණ සලකන බව; කෘතඥතාව.
කතන්දරය
1. නා. කථාන්තරය.
2. නා. නරක හැසිරීම් හා සම්බන්ධ කොට පතුරුවන නුසුදුසු ආරංචිය; අපහාස සහගත කථාව; ඕපාදූපය.
කතර
1. නා.ප්‍ර. කාන්තාරය; නිරුදක පෙදෙස; මනුෂ්‍ය වාසයට අයෝග්‍ය භූමිය.
2. නා.ප්‍ර. දුෂ්කර මාර්ගය; අමාරුවෙන් යා යුතු මාර්ගය.
3. නා.ප්‍ර. විශාල ප්‍රදේශය.
කත්
වි. මනහර; කාන්ත; ශෝභන.
කත් අඳිනවා
1. ක්‍රි. කදක් (කරින්) ගෙන යනවා.
2. ක්‍රි. ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොයෙක් (පහත්) සේවාකම් කරනවා.
කත්තරය
නා. රංචුව; සමූහය.
කත්තික
නා.ප්‍ර. ඉල් මාසය; කාර්තික මාසය.
කත්තුකම්‍යතා
නා.ප්‍ර. යමක් කිරීමට ඇති ආශාව; කරනු කැමැත්ත.
කත්තුව
නා. ලීයෙහි කපන කට්ටය; අළුව; ඉරිප්පුව; කැපුම.
කත්සවරය
(පාරිභා.) නා. උරපතු ඇටය; අංසඵලකය (=scapula).
කතා කරනවා
1. ක්‍රි. කථාවෙහි යෙදෙනවා; අල්ලාප සල්ලාපයෙහි යෙදෙනවා; වචන ප්‍රකාශ කරනවා; පවසනවා; සාකච්ඡා කරනවා.
2. ක්‍රි. සමීපයට පැමිණෙන ලෙස කියනවා හෝ සංඥා කරනවා; කැඳවනවා.
3. ක්‍රි. අමුත්තන් පිළිගැනීම් වශයෙන් ආචාර සමාචාර කරනවා.
කතාපිංච
නා. කුඩා කතාව; කෙටිකතාව.
කතාව
1. නා. වචන කීම; අදහස් ප්‍රකාශ කිරීම.
2. නා. ප්‍රබන්ධය; කතාන්දරය.
3. නා. කී දෙය.
4. නා. අනුන්ගේ වගතුග; ඕපාදූපය.
කතික භාගය
(පාරිභා.) නා. (ලොකු අංකයක්) කොටසක් ඉතිරී නොවන සේ බෙදිය හැකි කුඩා අංකය; අශේෂ භාජකය (=aliquot part).
කතිකාව
නා. සාකච්ඡාව; කතාබහ; සාකච්ඡාවෙන් එළඹුණු සම්මුතිය.
කතිකාවත
1. නා. සාකච්ඡා කොට එළඹ ගත් ගිවිසුම; සම්මුතිය.
2. නා. සංඝයා විසින් සංඝයාගේ ම පිළිපැදීම පිණිස සම්මත කළ ව්‍යවස්ථා සංග්‍රහය.
කතිපය
වි. කිහිප; කීප; ඇතැම්.
කතිපයාධිකාරය
(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක් නිපදවීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ අයිතියත් පාලනයත් ව්‍යාපාරික ආයතන කීපයක් සතු ව පැවතීම; කිහිප දෙනෙකුට සීමා වූ අධිකාරි බලය.
කතිරය
1. නා. ඉරි දෙකක් එකිනෙක කැපෙන සේ ඇඳි ලකුණ (x).
2. නා. ඡන්ද ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා ලකුණ.
3. නා. ඡන්දය; කැමැත්ත.
4. නා. මැහුම් ක්‍රමයක්; කතිරයක හැඩයෙන් යුත් මැස්ම.
5. නා. හීය දුනුදියට අමුණන තැන; ඊ දැත්ත.
6. නා. වී හුළං කිරීම සඳහා පොලු තුනක් කතිර හැඩයට සවිකොට සාදන පලංචිය.