සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 406
කනවැන්දුම
නා. කල වයස ගතවීත් විවාහ නොවී සිටීම.
කනවැන්දුම්
1. වි. පුරුෂයා හෝ භාර්යාව මිය ගිය.
2. වි. පුරුෂයා අතහැර ගොස් ඇති බැවින් තනි ව වෙසෙන.
3. වි. නීති ප්‍රකාර විවාහ වී නැති එහෙත් පුරුෂයා සමග භාර්යාවක වශයෙන් වාසය කරන.
කනස්සල්ල
නා. කනගාටුව; දුක්වීම; පශ්චාත්තාපය.
කනහිරාව
නා. කරදරය; කරච්චලය.
කන් අඩිය
නා. කනේ අභ්‍යන්තරය; කනේ පතුල.
කන් ගන්නවා
ක්‍රි. සවන් ඇද ගන්නවා; සවන් පිනවනවා.
කන් ගලනවා
ක්‍රි. සාවධාන ව අසනවා; කන් යොමු කරනවා.
කන් බිලය
නා. කනෙහි පිහිටි සිදුර.
කන් බෙරය
නා. ශබ්දය පතුරුවා හැරීම පිණීස කනෙහි පිහිටි කුහරය; කර්ණ පටහය; මැද කනෙහි කුහරය.
කන් යොමුව
(පාරිභා.) නා. පරිගණක, ජංගම දුරකථන ආදි උපකරණ භාවිතයේ දී බාහිර ව නොඇසෙන සේ හඬ ශ්‍රවණය කිරීම සඳහා කනට සම්බන්ධ කෙරෙන උපකරණය (=ear phone).
කන් සක
1. නා. කන් පෙත්ත; බාහිර කන; කන්සය.
2. නා. ඇතුළු කන; කන්අඩිය.
කන්කඳුරු
නා.ප්‍ර. කන තුළ හටගන්නා ඉටි වැනි මැලියම්; කලාඳුරු.
කන්කරච්චලය
නා. කෑකෝ ගැසීම; ගාලගෝට්ටිය; ඝෝෂාව.
කන්කලු
වි. කනට මිහිරි; ඇසීමට ප්‍රිය; කර්ණරසායන.
කන්කෙඳිරිය
1. නා. නිතර නිතර කරන කන්නලව්ව; ඇවිටිල්ල; බැගෑපත් ඉල්ලීම.
2. නා. අකමැත්ත හෝ අසතුට හඟවන කෙදිරිල්ල; මැසිවිල්ල.
කන්ත
වි. සිත් අලවන; කාන්ත වූ; ප්‍රිය වූ.
කන්තරාව
නා. රාශිය; සමූහය; සම්භාරය.
කන්තලය
නා. (ඇතාගේ) පිටකන; ඇතාගේ කන්පෙත්ත.
කන්තාරු
නා.ප්‍ර. (රෝ.ක.) දේව මෙහෙයවල දී ගයන ගීතිකා; පල්ලියේ ස්තෝත්ර ගීතිකා.
කන්තු
නා.ප්‍ර. හෘදය; හදවත.
කන්තුක
වි. හෘදය පිළිබඳ වූ; හදවතට අයත්.
කන්තොල්ල
1. (කථා.) නා. මාළුවෙකුගේ කරමල වැසී තිබෙන පියනක් වැනි කොටස.
2. නා. දුම්කොළ ආදියේ නැට්ට හරියේ ඇති කොළ කැබලි වැනි කොටස.
3. නා. උදලු තලේ පැත්තක් ගෙවීම නිසා අනික් පැත්තේතොල්ලක් මෙන් ශේෂ වූ කොටස.
කන්තෝඩු
නා.ප්‍ර. කනෙහි පළඳින ආභරණ.