සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 407
කන්තෝරුව
නා. කාර්යාලය; ආයතනය.
කන්ද
1. නා.ප්‍ර. උස් භූමි ප්‍රදේශය; පර්වතය.
2. නා.ප්‍ර. රාශිය; ගොඩ; සමූහය.
3. නා.ප්‍ර. බුදු දහම අනු ව සත්ත්ව ජීවිතය නිර්මාණය වී ඇති ධර්ම සමූහය; ස්කන්ධය; පංචස්කන්ධය.
4. නා.ප්‍ර. ඇතැම් ගස්වැල්වල මහත් ව වැඩෙන මුල හෝ දණ්ඩ; අලය.
කන්දක
නා.ප්‍ර. ලූනු ආදි ශාකවල පොළව යට වූ කඳ; බල්බය.
කන්දකුමාර
නා.ප්‍ර. කතරගම දෙවිඳු; ස්කන්ධ කුමාරයා.
කන්දනය
නා. හැඬීම; වැලපීම; විලාප කීම.
කන්දර
1. නා.ප්‍ර. නැවක නියමුවා.
2. නා.ප්‍ර. ගිරිලෙන; පර්වත කුහරය; ගුහාව.
3. නා.ප්‍ර. කඳු අතරින් ගලන කුඩා දිය ඇළ; දොළ; ගිරිකඳුර.
4. නා.ප්‍ර. ඇතුන් මෙහෙයවන හෙණ්ඩුව. ·
5. නා.ප්‍ර. කුෂ්ඨ රෝග විශේෂයක්.
කන්දර්ප
1. නා.ප්‍ර. අනංගයා; කාම දෙවියා; කඳපා.
2. නා.ප්‍ර. පෙරදිග සංගීත ශාස්ත්‍රයෙහි තාල විශේෂයක නාමය.
කන්දල
වි. පහත් හෝ මෘදු ස්වරයෙන් යුත්.
කන්දලිත
වි. පිබිදුණු; ප්රබුද්ධ වූ.
කන්දුකය
නා. පන්දුව; ක්‍රීඩා කිරීමට ගන්නා බෝලය.
කන්දොස්කිරියාව
1. නා. නිතර ඇවිටිලි බස් කීම නිසා ඇති කරදරය.
2. නා. කරච්චලය; හිරිහැරය; ඝෝෂාව.
කන්ධරය
1. නා. බෙල්ල; ග්රීවය.
2. නා. වලාකුළ.
කන්න
1. නා. ගොවිතැන් කරන වාරය; යල හෝ මහ.
2. නා. කොන; කෙළවර.
3. නා. යම් තුඩක් වැදී නො ගැලවී පැවතීම සඳහා වන ග්රාහක තුඩ.
කන්නංගුරුවා
1. නා. තල්පත් ආදියෙන් සාදා ගන්නා හුළං පෙත්ත.
2. නා. කරණම.
3. (කථා.) නා. කන අගුල් වැටීම.
කන්නඩි කුට්ටම
නා. ඇසේ දමන කන්නාඩිය; උපැස් යුවළ.
කන්නඩිය
1. නා. ඡායාව පිළිබිඹු කරන සිනිඳු වීදුරු තලය; කැඩපත; දර්පණ තලය.
2. නා. උපැස් යුවළ; ඇස් කන්නාඩිය.
කන්නලවුව
1. නා. බැගෑපත් ඉල්ලීම; ආයාචනාව; අඳෝනාව.
2. නා. දෙවියන් ඉදිරියේ කරන ඇවිටිල්ල.
කන්නි
1. නා.ප්‍ර. කන්‍යාව.
2. නා.ප්‍ර. රාශි චක්‍රයේ හයවන රාශිය; කන්‍යා රාශිය.
කන්නි රැස
නා. කන්‍යා රාශිය.
කන්නිමරියා
නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේගේ මවගේ නාමය.
කන්නිය
1. නා. හරකුන් ඇල්ලීම සඳහා බානේ කෙළවර ගසන තොණ්ඩුව; බාන් පුඩුව.
2. නා. කඹ හෝ කෝටු කැබැල්ල.
කන්පට
නා.ප්‍ර. කන්පෙත්ත; පිටකන; බාහිර කර්ණිකාව.
කන්පත
නා.ප්‍ර. කන්පෙත්ත; කර්ණිකාව; හිස දෙපස පහතින් පිහිටි කන් වැනි වූ වරල් පත.
කන්මල
1. නා. කන්පෙත්තෙහි වූ සිදුර; කර්ණ පාශය.
2. නා. කලාඳුරු.