සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 405

කදිරාසනය

නා. කතරගම දෙවියන්ගේ ආසනය; මයුරාසනය.

කදුක

1. නා.ප්‍ර. දිය සෙවෙල්.
2. නා.ප්‍ර. මණ්ඩි.

කදුබොදු

නා.ප්‍ර. කන-බොන දේ; කැවිලි-පෙවිලි.

කදුඹු

නා.ප්‍ර. රශ්මි සමූහය; රශ්මි කදම්බය.

කදෝ

1. නා.ප්‍ර. කණමැදිරියා; කදෝකිමියා.
2. නා.ප්‍ර. බ්‍රහ්මයා.

කදෝ කිමියා

නා. කණාමැදිරියා.

කදෝ පණුව

නා. කණාමැදිරියා.

කන

1. නා. ශබ්දය ඇසීමට උපකාර වන ශරීරාවයවය; ශ්‍රවණේන්ද්‍රිය; එම ශරීරාවයවය හා සම්බන්ධ වන සිදුර.
2. නා. කෙළවර; කොන.
3. නා. රන්; රත්රන්; ස්වර්ණ.

කනක

1. නා.ප්‍ර. රන්; රත්රන්; ස්වර්ණ.
2. නා.ප්‍ර. නාමල් රේණු.
3. නා.ප්‍ර. සැරසිලි විශේෂයක්; ගිනි දළු සැරසිල්ල.

කනක දාමය

නා. රත්රන් දම්වැල.

කනක පට්ටය

නා. රත්රනින් සාදන ලද පටිය.

කනක පර්වතය

නා.ප්‍ර. රන් මුවා පර්වතය; මහාමේරුව.

කනකගිරි

නා.ප්‍ර. රන් මුවා පර්වතය; මහාමේරුව.

කනකමය

වි. රන්මුවා; රනින් සාදන ලද.

කනකර

නා. කනෙහි සහ බෙල්ලෙහි පලඳින ආභරණ; ස්වර්ණාභරණ; ස්ත්‍රියකගේ ආභරණ කට්ටලය.

කනගාටු

වි. දුක්මුසු; ශෝකී.

කනගාටුව

නා. දුක්මුසුබව; ශෝකය; කනස්සල.

කනටිය

(කථා.) නා. කුඹුරේ කෙළවර පිහිටි කුඩා ලියද්ද.

කනත

1. නා. කනේ කෙළවර.
2. නා. වගා නොකළ මුඩුබිම.
3. නා. ළැහැබින් වැසුණු භූමිය.

කනත්ත

1. නා. සොහොන් බිම.
2. නා. කැලෑ පඳුරු සහිත භූමිය; ළැහැබින් වැසුණු බිම.
3. නා. කෙළවර; කාන.

කනතුරු

1. (කථා.) නා.ප්‍ර. කන්නය කෙළවරේ දී සෑදෙන ගෙඩි.
2. නා.ප්‍ර. නොපැසුණු ගෙඩි.

කනනවා

ක්‍රි. හාරනවා; වළක් කපනවා.

කනප්පය

නා. අඬු තුනක් හෝ සතරක් මතුයෙහි සවි කළ මැද කණුවක් මතුපිට ලෑලි පුලුද්දා සාදා ගන්නා ගෘහ භාණ්ඩය; ටීපෝව.

කනපින්දම

(කථා.) නා. නොනවත්වා කරන ඇවිටිල්ල; කොඳුරමින් කරන ඉල්ලීම; බැගෑපත් ඉල්ලීම.

කනවාටිය

නා. රෙද්දක අයින් දෙකේ නූල් ගැලවී නොයන ලෙස දමන වාටිය; කොන් වාටිය.