සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 424
කර්තෘ වාක්‍යය
නා. පුවත්පතක හෝ එවැනි වෙනත් ප්රකාශනයක කර්තෘ හෙවත් ප්‍රධාන සංස්කාරක විසින් ලියනු ලබන කාලීන ව ඉතා වැදගත් වන ලිපිය; කතු වැකිය.
කර්තෘ විභක්තිය
නා. (ව්‍යාක.)කර්ම කාරක වාක්‍යයක අනුක්ත කර්තෘ ගන්නා විභක්තිය; අවසාන ක්‍රියාවෙන් උක්ත නො වූ, කර්තෘ හඟවන පදය යෙදෙන විභක්තිය.
කර්තෘකාරක
නා.ප්‍ර. (ව්‍යාක.) ක්‍රියා සිද්ධියට කෙළින් ම උපකාර කරන කර්තෘ හඟවන කාරකය.
කර්තෘකාරක ක්‍රියාව
නා. (ව්‍යාක.) වාක්‍යයක කර්තෘ උක්ත වන ක්‍රියාව.
කර්තෘභූත
වි. කර්තෘ වූ; කාරක වූ.
කර්දම
1. නා.ප්‍ර. මඩ; අපවිත්‍ර දෙය.
2. නා.ප්‍ර. සුගන්ධ ද්‍රව්‍ය ආදිය මිශ්‍ර කොට සාදනු ලබන කල්කය.
3. නා.ප්‍ර. පාපය.
කර්පර
නා.ප්‍ර. හිස් කබල; කපාලය.
කර්පූර
නා.ප්‍ර. කපුරු.
කර්ම නියාමය
නා. (අභි.) පෙර කරන ලද කුශලාකුශල කර්මයන් අනු ව හොඳ නරක ඵලවිපාක ලැබෙතැයි යන නියමය; කම්ම නියාමය.
කර්ම පථය
නා. (අභි.) සුගතිය හෝ දුගතිය කරා යොමු වන මාර්ගය; ප්රතිසන්ධිය ගෙන දීමට සමත් කර්ම; කම්ම පථය.
කර්ම ප්රත්යවේක්ෂාව
නා. (අභි.) පූර්ව කර්ම නුවණින් සලකා බැලීම; අතීත කර්ම ප්රත්යවේක්ෂණය.
කර්ම ඵල රේඛාව
නා. අත්ලෙහි මුල සිට මැදැඟිල්ල මුල දක්වා සිරස් ව විහිදෙන රේඛාව; වාසනා රේඛාව.
කර්ම ඵලය
නා. (අභි.) කුශලාකුශල කර්මයෙහි විපාකය; කම්ම ඵලය.
කර්ම බලය
නා. පෙර භවයන්හි කළ කුශලාකුශල කර්මයන්ගේ බලය; කර්ම ශක්තිය.
කර්ම විපාකය
නා. හොඳ, නරක සියලු ක්‍රියාවන්හි ඵලය.
කර්ම විභක්තිය
නා. (ව්‍යාක.) සිංහල ව්‍යාකරණයෙහි විභක්ති නවයෙන් එකක්; කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය භජනය කෙරෙන විභක්තිය.
කර්ම වේගය
නා. කර්ම බලය; කර්ම ශක්තිය.
කර්ම ශක්තිය
නා. කුශලාකුශල කර්මයන්ගේ බලය; කර්ම වේගය.
කර්මකර
වි. කර්මාන්තයෙහි යෙදෙන; වැඩෙහි යෙදෙන.
නා. වැඩකරුවා; කම්කරුවා.
කර්මක්ෂම
වි. වැඩට යෝග්‍ය; කාර්යයට සුදුසු.
නා.ප්‍ර. (අභි.) කර්මයාගේ ක්ෂයවීම.
කර්මක්ෂයකර ඥානය
නා. (අභි.) කර්මය ක්ෂය කිරීමට උපකාරී වන ඥානය; අර්හත් මාර්ග ඥානය.
කර්මකාරකය
නා. (ව්‍යාක.) ක්‍රියා නිෂ්පත්තියට හේතු වූ කර්ම විභක්ති පදය; ක්‍රියා අර්ථය හා සම්බන්ධ වූ කර්ම පදය.
කර්මකාරකුලය
නා. ලෝහ කර්මාන්තයෙහි යෙදෙන්නන් අයත් ශිල්ප ශ්‍රේණිය; ලොහොකරු කුලය; කඹුරු කුලය.
කර්මජ
වි. (අභි.) කර්මයෙන් ජනිත වූ; කර්මය නිසා ඇති වූ.