සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 425
කර්මජරූප
නා.ප්‍ර. (අභි.) කර්මයෙන් හටගත් රූප; උපාදින්න රූප අටළොස; මෙය ඒකාන්ත රූප නවයෙන් හා අනේකාන්ත රූප නවයෙන් යුක්ත ව අටළොස් වැදෑරුම් වේ.
කර්මණ්ය
වි. ක්‍රියාවට සුදුසු; වැඩට යෝග්‍ය.
කර්මත්රිකය
නා. (අභි.) සිත, කය, වචනය යන තිදොරින් සිදු වන තුන් වැදෑරුම් කර්ම.
කර්මද්වාර
නා.ප්‍ර.බහු. (අභි.) කුශලාකුශල කර්ම කිරීමට හේතු වන සිත, කය, වචනය යන මාර්ගත්රය.
කර්මධාරය
නා.ප්‍ර. (ව්‍යාක.) විශේෂ්‍ය, විශේෂණ යන අර්ථ දෙක ම දරන සමාසය; විශේෂණ සමාසය.
කර්මනිමිත්ත
නා.ප්‍ර. (අභි.) මරණාසන්න සත්ත්වයාගේ සිතට අරමුණු වන කුශලාකුශල කර්ම කිරීමට හේතු වූ දේ; කම්ම නිමිත්ත.
කර්මප්රවචනීය
වි. (ව්‍යාක.) කර්මය ප්‍රකාශ වන.
නා.ප්‍ර. කර්ම විභක්තිය හඳුන්වන හෝ ප්‍රකාශ කරවන උපසර්ග හා නිපාත සමූහය.
කර්මය
1. නා. ක්‍රියාව; කටයුත්ත; කෘත්‍යය.
2. නා. වැඩය; කර්මාන්තය.
3. නා. වෑයම; ප්රයත්නය.
4. නා. වධබන්ධනාදි දඬුවම.
5. නා. පින්, පව්, කුසල්, අකුසල්.
6. නා. පාප කර්මයේ අනිටු විපාක.
7. නා. විනය කර්මය.
8. (ව්‍යාක.) නා. කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය.
කර්මවාදී
වි. කර්මය හා විපාක ඇතැයි පිළිගන්නා; යහපත හෝ අයහපත කර්මය අනු ව සිදුවෙතැයි විශ්වාස කරන; කම්පල අදහන.
කර්මශීල
වි. කඩිසර; අනලස්; ක්‍රියාශීලී.
කර්මස්ථාන
1. නා.ප්‍ර. සමථ, විදර්ශන භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණ; කමටහන.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. යමකුගේ කේන්ද්‍රයෙහි රැකීරක්ෂා පිළිබඳ කියැවෙන ස්ථානය.
කර්මාචාර්ය
[කර්ම + ආචාර්ය]
නා.ප්‍ර. (විනය.) උපසම්පදා කර්මයකදී කර්ම වාක්‍ය කියන ඇදුරු තෙරුන් වහන්සේ.
කර්මාධිගෘහිත
[කර්ම + අධිගෘහිත]
වි. කර්මයට යටත් වූ.
කර්මාන්තය
1. නා. කටයුත්ත; කාර්යය; වැඩය.
2. නා. මෙහෙය; සේවය.
3. නා. ගොඩනැගීම; තැනීම; නිර්මාණය කිරීම.
කර්මානුරූප
[කර්ම + අනුරූප]
වි. කර්මයට අනු ව යන; කර්මයට උචිත.
කර්මායතනය
නා. ජීවිකා වෘත්තිය; කර්මාන්තය.
කර්මාර
නා.ප්‍ර. කම්මලේ වැඩ කරන්නා; ලොහොකුරුවා.
කර්මාර භස්ත්‍රාව
නා. කම්මලෙහි ගිනි උදුනට පිඹින උපකරණය; කඹුරුසම; මයිනහම.
කර්මාරදේව
නා.ප්‍ර. කර්මාරයගේ ඉටු දෙවියා; කර්මාන්තවලට අධිගෘහිත දේවතාවා.
කර්මාර්හයා
නා. සංඝ කර්මයකට සහභාගි වීමට සුදුසු භික්ෂුව.
කර්මාවරණ
නා.ප්‍ර. කුශල කර්මයන් විපාක දීමට අවහිර කරන ආනන්තර්ය කර්ම පහ.
කර්මේන්ද්‍රිය
නා.ප්‍ර. මිනිසාගේ ක්‍රියාකාරී ඉන්ද්රිය; අත්, පා, කට, ගුදය හා ලිංගය යන ඉන්ද්රිය පහ.
කර්ෂණය
1. නා. ඇදීම; එහාට මෙහාට ඇදීම.
2. නා. ගොවිතැන; සී සෑම.
කර්ෂය
1. නා. සී සෑම; ගොවිතැන.
2. නා. පුරාණ කාලයේ පැවති බර මැනීමේ ඒකකයක්; කළං තුනක ප්‍රමාණය.
3. නා. පැරණි කාසි විශේෂයක්.