සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 447
ක්ෂේම ලාම්පුව
නා. ගිනි නොගන්නා සේ ආරක්ෂාවෙන් යුක්ත ව සාදන ලදුව ආකර කම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන ලාම්පුව.
ක්ෂේම ස්ථානය
නා. උවදුරු රහිත තැන; ආරක්ෂා සහිත තැන.
ක්ෂේමපුරය
නා. නිවන; නිවන්පුරය; නිර්වාණය.
ක්ෂේමභූමිය
1. නා. ආරක්ෂා සහිත භූමි භාගය; නිර්භය ස්ථානය.
2. නා. කාන්තාරයක් මැද පිහිටි ජලය ද ගස්වැල් ආදිය ද සහිත සරුබිම.
ක්ෂෛරේය
වි. කිරෙන් සකස් කරන ලද; කිරෙන් සාදන ලද; ක්ෂීරමය.
ක්ෂෝභය
නා. කැලඹීම; කැලතීම; ඇලළීම.
ක්ෂෞද්‍ර
නා. මී පැණි; ක්ෂුද්‍ර නම් මී මැසි ප්‍රභේදය විසින් නිපදවනු ලබන මී පැණි.
ක්ෂෞම
නා.ප්‍ර. රෙදි විවීම සඳහා කෙඳි සැපයූ හන වර්ගයකට අයත් ශාකයක්; කොමු.
ක්ෂෞසෙය්ය
නා.ප්‍ර. පටනූලින් වියන ලද වස්ත්‍රය; තිහිරි පිළිය; පටරෙද්ද.
ක්රකච යෝගය
නා. ජන්ම පත්‍රයේ සයවැන්නේ නීච වූ හෝ බලහීන වූ හෝ ග්‍රහයන් යෙදීමෙන් සෑදෙන අශුභ යෝගයක්.
ක්රකර
නා.ප්‍ර. ජලාශ්‍රිත ප්‍රදේශවල වාසය කරන පක්ෂියකු වන කොරවක්කා.
ක්රතු
1. නා.ප්‍ර. චේතනාව; අභිප්‍රාය; අධිෂ්ඨානය.
2. නා.ප්‍ර. යාගය; අශ්වමේධ යාගය.
ක්රන්දනය
නා. හැඬීම; වැලපීම; රෝදනය; ළතෝනිය.
ක්‍රම සාක්ෂ්‍යය
(පාරිභා.) නා. සමාන ක්‍රියාවලියක් අනු ව ගිය සාක්ෂ්‍යය (=system evidence).
ක්‍රමක
වි. කිසියම් ක්‍රමයකට අනු ව සිදුකරන; ක්රමානුකූල; විධිමත්.
ක්රමකයා
නා. ක්රමානුකූල කටයුතු කරන තැනැත්තා; ක්රමික පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයා.
ක්රමක්ෂම
වි. යුද්ධෝපක්රම පිළිබඳ විශිෂ්ට දක්ෂතාවක් ඇති; යුද්ධෝපායයෙහි නිපුණ වූ.
ක්‍රමක්‍රමයෙන්
ක්‍රි.වි. අනුපිළිවෙළින්; අනුක්රමයෙන්.
ක්රමච්යුත
වි. (අලං.) වාක්‍යයක පද යෙදීමේ සම්මත ක්‍රමයෙන් ඉවතට ගිය.
ක්‍රමණය
(පාරිභා.) නා. ක්‍රමයෙන් නැඟීම හෝ වැඩීම; අනුක්රමයෙන් වෙනස් වී යන ශ්‍රේණි ක්‍රමය (=graduation).
ක්රමතාව
නා. යමක නියම පිළිවෙල; ක්‍රමවත්බව.
ක්රමදර්ශි
නා. හරි පිළිවෙළ දන්නා වූ.
ක්රමභේදය
නා. නියම පිළිවෙළ වැරැද්දීම; ක්‍රමය උල්ලඞ්ඝනය කිරීම.
ක්‍රමය
1. නා. ආකාරය; විධිය; පිළිවෙළ; පටිපාටිය.
2. (පාරිභා.) නා. පද්ධතිය; ව්‍යූහය (=system).
4. (පාරිභා.) නා. පවත්නා විධිය; ක්‍රියාවලිය (=process).
5. (පාරිභා.) නා. රීතිය; පිළිවෙළ (=method).
6. නා. වැඩපිළිවෙළ; යෝජනා ක්‍රමය.