සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 448
ක්රමවත්
වි. පිළිවෙළක් ඇති; ක්රමානුකූල; අඛණ්ඩ; ක්රමික; විධිමත්.
ක්රමවිකාශය
නා. යමක් ටිකෙන් ටික වෙනස් වෙමින් අවුත් අන්ය වූ ආකාරයකට පරිවර්තනය වීම; පරිණාමය.
ක්රමවිකාශවාදය
නා. ක්රමයෙන් වෙනස් වෙමින් අවුත් අන්ය ස්වරූපවලට පත් වූවා යි යන මතය; පරිණාමවාදය.
ක්රමවිරෝධය
1. (අලං.) නා. නියම ක්රමය උල්ලංඝනය කිරීම.
2. නා. පිළිගත් ක්රමයට පටහැනි වීම; අක්රමිකතාව.
ක්රමවිරෝධී
1. වි. පිළිගත් පිළිවෙළට පටහැනි; රීතියට එකඟ නොවන; නීතියට හෝ චාරිත්රයට හෝ අනුකූල නොවූ.
2. (පාරිභා.) වි. ආණ්ඩු ක්රමයට එකඟ නොවන; පාලන ක්රමයට අනුකූල නැති (=unconstitutional).
ක්රමවිලඞ්ඝනය
නා. නියම ක්රමය උල්ලඞ්ඝනය වීම; ශාස්ත්ර යුක්තිය හෝ ලෝක සම්මතය හෝ කඩ කිරීම.
ක්රමශිල්පය
නා. (යම් කෘතියක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කැරෙන) ශිල්ප උපක්රමය; කලා ශිල්ප ශාස්ත්රය; ශිල්පීධර්මය.
ක්රමසම්පාදනය
නා. (සංවර්ධනය ආදි කටයුතු සඳහා) වැඩපිළිවෙළවල් සකස් කිරීම; සැලසුම් පිළියෙල කිරීම; ක්රියා මාර්ග සැලසුම් කිරීම.
ක්රමසූචක
(පාරිභා.) වි. (පළමුවැනි, දෙවැනි, තුන්වැනි ආදි වශයෙන්) සංඛ්යාවල අනුක්රම පටිපාටිය දක්වන; ක්රමික (=ordinal).
ක්රමාංකණය
[ක්රම + අංකණය]
(පාරිභා.) නා. යම්කිසි මාපක උපකරණයක් කොටස්වලට බෙදා අනුක්රමක අංක ලකුණු කිරීම; ක්රමයකට බෙදා සලකුණු කිරීම; අනුපිළිවෙළින් අංක යෙදීම (=graduation).
ක්රමාංකය
1. (පාරිභා.) නා. අනුක්රමික ස්ථාන අංකය; අනුපිළිවෙළ දක්වන අංකය.
2. නා. (මිනුම උපකරණ ආදියෙහි) ශ්රේණි ක්රමයට අනුක්රමික වශයෙන් ලකුණු කරනු ලබන අංකය.
3. නා. හයිඩ්රජන් පරමාණුවෙන් ආරම්භ වන මූල ද්රව්යවල වැඩි වන පරමාණුක භාරය අනුව අනුපිළිවෙළ දක්වන අංකය; පරමාණුක ක්රමාංකය.
ක්රමාංකිත
[ක්රම + අංකිත]
(පාරිභා.) වි. අංක පිළිවෙළින් ලකුණු කරන ලද; ක්රමාංක යොදන ලද්දා වූ.
ක්රමාකුංචනය
[ක්රම + ආකුංචනය]
(පාරිභා.) නා. අන්තර්ගත ආහාර වැනි දේ ඉදිරියට තල්ලුවෙන පරිදි බඩවැලෙහි හෝ වෙනත් නළාකාර අවයවයක සිදු වන ක්රමානුකූල හැකිළීම සහ දිග හැරීම (=peristalsis).
ක්රමාගත
වි. අනුපිළිවෙළින් පැවත ආවා වූ; පිළිවෙළින් පැමිණි; පරම්පරාගත.
ක්රමානුකූල
[ක්රම + අනුකූල]
වි. කිසියම් පිළිවෙළකට අනු ව ගියා වූ; විධිමත්.
ක්රමාභිවර්ධනය
[ක්රම + අභිවර්ධනය]
නා. ටිකෙන් ටික දියුණු වීම; ක්රමයෙන් වැඩී යෑම; පිළිවෙළින් මනා සේ වර්ධනය වීම.
ක්රමාභිවෘද්ධිය
[ක්රම + අභිවෘද්ධිය]
නා. ටිකෙන් ටික ඇති වූ දියුණුව; ක්රමයෙන් ඇති වූ වැඩීම.
ක්රමාරෝපිත
[ක්රම + ආරෝපිත]
1. වි. (පාරිභා.) යම් ක්රමයකට ආරෝපණය කරන ලද; පිළිවෙළකට ගලපන ලද.
2. වි. සාධක සහිත; සාධනාත්මක (=factorial factional).
ක්රමාරෝහණ බද්ද
නා. ආදායම වැඩි වීමේ ප්රමාණයට ඉහළ නගින බද්ද; පුද්ගලයාගේ වත්කමේ අනුපාතය අනු ව වැඩි වන බදු ක්රමය.
ක්රමාලේප ක්රමය
(පාරිභා.) නා. (භූමි නිර්මාණය දක්වන සිතියම්වල) පහත් සමබිමේ සිට ඉතා උස් කඳු මුදුන් තෙක් භූමිය නිර්මාණය වී ඇති ආකාරය පාට කිරීම මඟින් දැක්වීමේ ක්රමය.
ක්රමාවස්ථිත
[ක්රම + අවස්ථිත]
වි. පිළිවෙළකට තබන ලද; අනුක්රමයෙන් පිහිට වූ.
ක්රමික
1. වි. කිසියම් ක්රමයකට අනුව සිදුකරන හෝ සිදුවන; ක්රමානුගත; ක්රමවත්; පිළිවෙළක් අනුව යන; අනුක්රමික; ක්රමානුකූල; විධිමත්.
2. වි. නියමාකාරයකට සිදු වන හෝ සිදුවූ; නියත; නියමිත.
3. වි. අනුක්රමයෙන් හෝ අනුපිළිවෙලින් සිදු වන.
ක්රමික ප්රගමනය
නා. ක්රමයෙන් ඇති වූ දියුණුව; ක්රමානුකූල ලෙස ඇති වූ ප්රගතිය.
ක්රමික විද්යාව
නා. අත්හදා බැලීමෙන් ලබන උගත්කම; පළපුරුද්දෙන් ලැබෙන දැනුම.